දේශීය

ඊශ්‍රාලයේ රැකියා සඳහා කාන්තාවන් පිරිසක් පිටත්ව යයි

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලියකියවිලි ප්‍රදානය කිරීම (27) සිදුකෙරිණි.

ඊශ්‍රායල් රජයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා පස් දෙනෙකු ප්‍රථම කණ්ඩායම සදහා තෝරාගෙන ඇති අතර, ඔවුන් අද සවස (2022/04/27) ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අන්තර්ජාල වෙබ් අඩවියේ (www.slbfe.lk) පළ කෙරෙන දැන්වීමට අනුව මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්කිරීමෙන් අනතුරුව ලොතරැයි ක්‍රමය අනුව තෝරාගැනීම ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය (PIBA) මගින් සිදුකරන අතර, මෙලෙස තෝරාගත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය විසින් නම්කරන ලද ආයතනයක් මගින් සිදුකරයි. අයදුම්කරුවන්ගේ හැකියාව, කුසලතා මත පමණක් මෙම රැකියා සදහා සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගනු ලබයි.

ඊශ්‍රායල් ෂෙකෙල් 5300 ක් හෙවත් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 කට වැඩි වැටුපක් සාත්තු සේවක රැකියා සදහා ලැබේ. පළමු ලියාපදිංචිය සදහා වසර 2ක කාලයකට රැකියා ගිවිසුම් ලැබෙන අතර, සේවා යෝජකයාගේ කැමැත්ත මත එය දීර්ඝ කිරීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පමණක් බැවින් මෙම රැකියා ලබාගැනිමට කිසිදු පාර්ශවයකට මුදල් නොගෙවන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

13 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago