දේශීය

ඊශ්‍රාලයේ රැකියා සඳහා කාන්තාවන් පිරිසක් පිටත්ව යයි

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලියකියවිලි ප්‍රදානය කිරීම (27) සිදුකෙරිණි.

ඊශ්‍රායල් රජයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා පස් දෙනෙකු ප්‍රථම කණ්ඩායම සදහා තෝරාගෙන ඇති අතර, ඔවුන් අද සවස (2022/04/27) ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අන්තර්ජාල වෙබ් අඩවියේ (www.slbfe.lk) පළ කෙරෙන දැන්වීමට අනුව මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්කිරීමෙන් අනතුරුව ලොතරැයි ක්‍රමය අනුව තෝරාගැනීම ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය (PIBA) මගින් සිදුකරන අතර, මෙලෙස තෝරාගත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය විසින් නම්කරන ලද ආයතනයක් මගින් සිදුකරයි. අයදුම්කරුවන්ගේ හැකියාව, කුසලතා මත පමණක් මෙම රැකියා සදහා සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගනු ලබයි.

ඊශ්‍රායල් ෂෙකෙල් 5300 ක් හෙවත් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 කට වැඩි වැටුපක් සාත්තු සේවක රැකියා සදහා ලැබේ. පළමු ලියාපදිංචිය සදහා වසර 2ක කාලයකට රැකියා ගිවිසුම් ලැබෙන අතර, සේවා යෝජකයාගේ කැමැත්ත මත එය දීර්ඝ කිරීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පමණක් බැවින් මෙම රැකියා ලබාගැනිමට කිසිදු පාර්ශවයකට මුදල් නොගෙවන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

3 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

3 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

4 hours ago