දේශීය

සං‍ශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිවරයා නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය 19 දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය ස්ථාවරත්වයත් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතු යැයි තමන් විශ්වාස කරන බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහි ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව තමන්ගේ විශ්වාසය යැයි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ ඔස්සේ යමින් ජනාධිපතිවරයාගේ ද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙන බවත් ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහායත්, ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

නුවන් කොඩිකාර DINAMINA

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

15 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

15 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago