දේශීය

අන්තර්ජාල සබඳතා ද සීමා කිරීෙමන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි

වෙත – විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
 
පැමිණිලිකරු – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
 
වගඋත්තරකරුවෝ –
01) නාමල් රාජපක්ෂ,
ඩිජිටල් තාක්ෂණය හා ව්‍යයවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02) සභාපති,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
03) අධ්‍යක්ෂ ජනරාල්,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
04) සභාපති,
පාරිභෝගික සේවා අධිකාරිය
05) අධ්‍යක්ෂ ජනරාල්,
පාරිභෝගික සේවා අධිකාරි.
06) සභාපති,
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම
 
පැමිණිල්ල – ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද අලුයම සිට අවහිර කර ඇති අතර අන්තර්ජාල සබඳතා ද සීමා කර තිබේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. එමෙන්ම මෙම මර්දනකාරී තීන්දුව නිසා පුරවැසියන්ගේ ආවේගය ධරුණු තත්ත්වයට තවත් දරුණු අතට තල්ලුවීමේ හැකියාවක් ඇති බැවින් සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි. එබැවින්,
01) වහාම අවහිරතාවය ඉවත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්,
02) අවහිරතාවය සිදුකිරීමට ගත් තීන්දුව ගැන විමර්ශනයක් සිදු කරන ලෙසත්,
03) එම තීන්දුව නිසා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත්,
04) ඒ සම්බන්ධයෙන් ඉහත වගඋත්තරකරුවන්ගේ පුද්ගලික මුදලින් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ට වන්දි මුදලක් ප්‍රධානය කිරීමට නිර්දේශ කරන ලෙසත්,
 
05) නීති විරෝධී නියෝයක් පිළිපැදීම සම්බන්ධයෙන් සියලු දුරකතන සේවා සමාගම්වලට තම පාරිභෝගිකයන්ට වන්ධි ප්‍රධානය කිරීමට නියෝග කරන්නැයි ඉහත වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්,
ඉල්ලා සිටිමු.

Recent Posts

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

1 day ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

1 day ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

3 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

3 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

4 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

4 days ago