Wednesday, September 16, 2026
Homeදේශීයමිරිහානට ගිය තරිඳු ජයවර්ධන ඇතුළු මාධ්‍ය පිරිසකට PMDයැයි කියූ පිරිසකගෙන් බාධා.මාධ්‍යවේදීන් පොලිසි...

මිරිහානට ගිය තරිඳු ජයවර්ධන ඇතුළු මාධ්‍ය පිරිසකට PMDයැයි කියූ පිරිසකගෙන් බාධා.මාධ්‍යවේදීන් පොලිසි යයි

සිද්ධිය‍ට අදාල දර්ශන >>>

https://youtu.be/Z7nmZDwSCfI

මේ අතර ඊයේ ජනපති නිවස ආසන්නයේ සිදුවූ විරෝධය පළ කිරීම්වලට අදාළව වැදගත් තොරතුරක් මව්බිම වාර්තා කර තිබෙනවා. මිරිහානේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට රටේ සාමාන්‍ය නීතියෙන් මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය අවධාරණය කර ඇති බව එහි සඳහන්.

සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබැලීමට මානව හිමිකම් කොමිසමේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මිරිහාන පොලිසියට පිටත්ව ගොස් තිබේ.

එම කොමිසම මව්බිමට සඳහන් කර ඇත්තේ පොලිස් භාරයේදී ඔවුන්ට වධහිංසා කිරීම් සිදු⁣වී තිබේදැයි නිරීක්ෂණය කිරීම හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීම ඔවුන්ගේ අරමුණ බවයි


.

READ:   මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයකට නොගොස්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්