ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය පාලනය කොට එය ජය ගැනීම සදහා යොදා ගත යුත්තේ කෙබඳු උපාය මාර්ගික වැඩ පිලිවෙලක්ද යන්න ගැන ආණ්ඩුවට තවමත් ස්තීර සාර අදහසක් ඇති කරගැනීමට හැකිවී තිබෙන බවක් පෙනෙන්න්ට නැත.බොහෝ ප්‍රමාද වී හෝ IMF යන්නට තීරන කරන්නට පෙර විදිමත් ලෙස නොවුවද ආණ්ඩුවට ආර්බුදයේ සැර පාලනය කර එය ජය ගැනීමේ වැඩ පිලිවෙලක් තිබුනි.එය සාර්තක ලෙස වැඩ කරනු ඇතැයි විස්වාස කොට එම වැඩ සටහන කරට ගෙන වැඩ කරන පිරිසක්ද ආණ්ඩුවට සිටියේය.එහෙත් එය අර්බුදය උග්‍ර කිරීමට හේතුවන මනෝ රාජික වැඩ පිළිවෙලක් වූවා මිස යතාර්ත වාදි වැඩ පිලිවෙලක් නොවීය.යොදාගත් වැඩ සටහනේ ලොකු අවුලක් තිබෙන බව ආණ්ඩුව තේරුම් ගත්තේ ලොකු වියදමක් දරා බොහෝ දුරක් ගිය පසුවය.අවසානයේ ඩොලරයේ මිල පාවෙන්නට ඉඩ හැර IMF යන්නට තීරනය කලද එය අවංක හදවතින් කරන ලද දෙයක් නොවීය.මෙතෙක් ආණ්ඩුව පවත්වාගෙන ගොස් තිබු IMF විරෝදි ප්‍රතිපත්තිය නිසා ආණ්ඩුවේ මුල් මෝඩ වැඩ සටහන ආස්වාදයෙන් කරගැසු ආණ්ඩුවට සමීප නිලදාරින් පවා දෙවැනි වැඩ සටහනට කර ගැසීමෙන් වැලකී සිටින බව පෙනේ .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලක්කාවේ අර්බුදය ගැන පලකර තිබෙන නිරීක්ෂන තිබෙන්නේ ආණ්ඩුවට සතුටු විය හැකි තත්වයක නොවේ.බදු කපාහැරීම ගැන එහි ඇත්තේ විවේචනයකි.ණය ගැන කියන්නේ ද ඒවා තිරසාර තත්වයක නොපත්නා බවය.වියදම් තාර්කීකරන කරගැනීමේ අවශ්‍ය තාවද අවදාරනය කර තිබේ. ඉන් කියන්නේ තර්කානුකූල නොවන නාස්තිකාර වියදම් කපා හැරිය යුතු බවය.මුදල් අච්චු ගැසීමද වහා නතර කිරීමේ අවශ්‍යතාව පෙන්වාදී තිබේ.මහජනයාට ලබාදෙන සහන කපා හැරීමකින් තොරව අර්බුදය විසඳා ගැනීමේ අවශ්‍යතාවද පෙන්වාදී තිබේ.IMF වැඩ සටහන මහජනයාගේ පිලිගැනීමට හේතුවන වියුහමය ප්‍රතිසංස් කරන වැඩ සටහනකට ඇතුලත් අතුරු අතුරු අංගයක් බවට බවට පත් කර නොගෙන ගෙවුම් ශේෂ අර්බුදය පමනක් තනිව ගෙන එය විසඳන්නට වැර දරන ප්‍රතිපත්තියක් අර්බුදයට විසදුමක් වනවා වෙනුවට තිබෙන අර්බුදය ඊටත් වඩා විශාල අර්බුදයක් බවට පත් කිරීමට හේතු විය හැකිය.මීට පෙර 16 වතාවක් ම ලංකාව ගෙවුම් ශේෂ ප්‍රස්න විසඳා ගැනීම සදහා IMF එකට ගොස් ඇතත් ඒ හැම වතාවක දීම එහි ගොස් ඇත්තේ ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවූ ආරම්බක අවස්තාවේම මිස බොහෝ කල් පසුවී නොවේ.එහෙත් දැන් මෙවර අපි එහි යන්න හදන්නේ ප්‍රස්නය අසම්මත ආකාරයකින් විසඳා ගැනීමට දරන ලද වියදම් අදික දිග්ගැස්සුන මෝඩ අසාර්ථක උත්සහායකින් පසුව අර්බදය වඩා ලොකු මහත්වූ තත්වයකට පත්වීමෙන් පසුවය.ඒ නිසා ඒ වෙනුවෙන් ඍජු ලෙස හා අනියම් ලෙස මීට පෙර කවරදාවත් නැති තරමේ පීඩනයයක් මහ ජනයා මත පටවන්නට සිදු වනු නොවැලැක්විය හැකිය.එම තත්වය මහජනයා ප්‍රකෝප කරන තත්වයකට පත් කල හැකිය.අනෙක් අතට ගෙවුම් ශේෂ අර්බුදය ලංකාව මුහුණ දී තිබෙන බහුවිද අර්බුදයෙන් වෙන්කොට තනිව ගෙන ප්‍රතිකාර කිරීම ඵලදායි නොවනවා සේම ආරක්ෂා කාරි ද නැත.ගෙවුම් ශේෂ අර්බුදය හා සමාජ ක්‍රමයේ ( ජන වාර්ගික)අර්බුදය හා දේසපාලන ක්‍රමයේ අර්බුද්දයන් අතර ගැබුරු අන්තර් සම්බන්දයක් පවත්නා අතර ඒ සියලු ප්‍රධාන අර්බුද එකට ගෙන සමස්ත ප්‍රස්නයට විසඳුමක් දෙන තත්වයකට යාහැකිය.
අර්බුදය හා ජනාධිපති ක්‍රමය.
………………………………….
රටේ නිසි මූල්‍ය කලමණාකරනයක් නැති කමේ ප්‍රස්නය හා 1978 ද ඇතිකල ජනාධිපති ආංඩු ක්‍රමය අතර ගැබුරු අන්තර් සම්බන්දයක් පවතී.ඒ සමග පාළක පක්ෂ පොදු දේපල අනිසි ලෙස පරිහරනය කිරීම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත් වූවා සේම ජනාධිපති නීතියට ඉහලින් සිටින තත්වය එම දේපළ කොල්ලය පාලනය කල නොහැකි තත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.17 වැනි හෝ 19 වැනි සංසෝදනයන් සැලකිය හැක්කේ ජනාධිපති නීතියට ඉහලින් සිටින තත්වය අහෝසි නොකොට එළුවෙක් බැඳීම සඳහා යොදාගන්නා දුර්වල රැහැනකින් අලියෙකු බැඳීමට දරන ලද මෝඩ උත්සහයකට සමාන දෙයක් ලෙසය.අනියම් ලෙස ජනාධිපති පාලනය කරන්න උත්සහා කරනවා වෙනුවට විවස්ථා සංසෝදනය මගින් ඇමරිකාවෙ මෙන් ජනාධිපති නීතියට යටත් තත්වයකයට පත් කොට අධිකරනයට අධිකරණ විමර්ශන බලය පරීපූර්ණ ලෙස ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කලේ නම් ලංකාවේ දේසපාලන ක්‍රමය සීලාචාර තත්වයකට ගන්නට ඉඩ තිබුනා සේම රටේ මූල්‍ය පාලනය සේම අන් කටයුතුද නීතියට අනුකූලව ක්‍රියා කරන තත්වයක තබා ගැනීමට පුලුවන් වන්නට ඉඩ තිබුනි.ලංකාවේ ආණ්ඩු බලය හා රාජ්‍යය පාලනය රටේ පොදු දේපල කොල්ල කන දූෂිත හා අවලස්සන ක්‍රමයක් බවට පත්වී තිබේ.එම තත්වය සමස්ථ ආයතන ක්‍රම දූෂිත කොට රජයට ආදායම් ලැබීම බරපතල ලෙස හීන කරන තත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ.රටේ ගුවන් විදුලි හා රූප වාහිනි බලපත්‍ර ලබා දීම සදහා ලංකාව යොදා ගෙන තිබෙන ක්‍රමය දෙස බැලීමෙන් පමණක් වුවත් එම තත්වය අවබෝද කර ගත හැකිය.ගුවන් සංඛියාත සැල කෙනුයේ රටේ ජනතාවට අයත් ඉතා වටිනා හා දුලබ දේපළක් ලෙසය.දේසපාලන වශයෙන් සීලා චාර හැම රක්ම පාහේ එම සංකියාත උපරිම මිලකට සුදුසුම අය අතට පත් කිරීමෙන් උපරිම අදායමක් උපයා ගනී.එසේම ඒම විකාශන බලපත්‍ර මිලදී ගන්නන් සමග ගුවන් විදුලි ආයතනය හෝ රූපවාහිනි ආයතනය පවත් වාගෙන යායුතු පිලිගත් ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියා සඳහා වන ගිවිසුමක් ද බලත්‍ර ලබාදීමේදී ඇති කරගන්නා අතර එමගින් ගුවන් විදුලි හා රූප වාහිනි විකාශන ක්‍රියා වලිය නියාමනය කිරීමක්ද සිදුවේ.එහෙත් ලංකාවේ එම සංඛියාත සඳහා බලපත්‍ර ලබාදී තිබෙන්නේ උපරිම මිළකට නොව නාමික මිළකටය.නියාමනය සදහා කොන්දේසිද නැතුවය.මෙය ජනාධිපතිවරුන් අයතා ලෙස ධනය උපයා ගැනීම සඳහා යොදාගෙන තිබෙන මාරග වලින් එකකි.බලපත්‍රයේ නියම මිළ ලැබෙන්නේ භාණ්ඩාගාරයට නොව ජනාධිපති ඒ සදහා යොදා ගන්නා අතර මැදියාටය.ජනාධිපති චන්ද්‍රිකා සිය ධූරයෙන් විශ්‍රාම යන අවස්ථාවේදී විදුලි සංදේශ නියාමන කොමිෂමේ ප්‍රධානියෙක් සිය නමට රූපවාහිනි බලපත්‍රයක් ලියා ගෙන ගෙදර ගියේය.මා අසා තිබෙන ආකාරයට හා මීට පෙරද මා ලියා තිබෙන ආකාරයට එම පුද්ගලයා ලංකාවේ ප්‍රකට සමාගමකට එම බල පත්ත්‍රය විකුනා තිබෙන මිළ ඩොලර් මිලියන 5 කි.එම මුදල ලැබිය යුතුව තිබුනේ එම පුද්ගලයාට නොව භාණ්ඩාගාරයටය.ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති වරනය ජය ලැබීමෙන් පසුව තමන්ගේ ජයග්‍රහනයට තීරනාතම ලෙස බලපෑ හිමි නමකට හා දේසපාලන පක්ෂ දෙකකට ගුවන් විදුලි බල පත්‍ර තුනක් ලබා දුන්නේය.හිමි නම එම බලපත්‍රය ලක්ෂ 400 කට ප්‍රසිද්ද සමාගමකට විකුනුවේය. පක්ෂ දෙකද පසු කලක එම බලපත්‍ර විකුණුවේය.ඒ සියළු මුදල් හරි විදියට නම් ලැබිය යුතුව තිබුණේ භාණ්ඩා ගාරයටය.
මන්ත්‍රී වරුන්ගේ භූමිකාව.
………………………………
පොදු දේපල විෂය බාරව තිබෙන්නේ ජනාධිපතිටය.එම විෂයෙහි දී ජනාදිපතිවරුන් අයථා ලෙස ධනය උපයා ගැනීම සඳහා තමන්ට තිබෙන බලය අයථා ලෙස පරිහරනය ගැන සොයා බලන තැනකට ගිය හොත් සියලුම ජනාධිපතිවරුන් වරුන් අඩු වැඩි වශ්‍යෙන් සලකන්නට සිදුවනු ඇත්තේ චෞර ජනාධිපතිවරුන් ලෙසය.පොදු දේපල විෂයෙහි ජනාධිපතිවරුන් ගේ අයථා ගනු දෙනු ගැන කරුනු සොයා බැලීමේ වගකීමක් විගනකාධිපතිට ඇතත් විගනකාදිපති වරුන් එම විෂයට අත නොගසන්නේ නීතියට ඉහලින් සිටින ජනාදිපතිට ලැබී තිබෙන අති විශාල බලය නිසා විය හැකිය.සියළුම ජනාධිපති වරුන් නීති විරෝධි බව දැන දැනම මන්ත්‍රීවරුන්ට රජය සමඟ වියාපාර කිරීමට ඉඩ දෙන ප්‍රතිපත්‍තියක් අනු ගමනය කරයි.එසේ කරන්නේ මන්ත්‍රීවරුන්ට තිබෙන විශේෂ කරුණාවක් නිසා නොව මන්ත්‍රී වරුන් සම්බන්දයෙන් දැඩි ප්‍රතිපත්තියක් පවත් වාගෙන යන අතර ජනාධිපති පමනක් අයථාලෙස ධනය උපයන ප්‍රතිපත්තියක් අනුගමනය කල හොත් නන්ත්‍රීවරුන් ජනාධිපති වරයාට එරෙහිව කැරලි ගසන තත්වයක් ඇතිවීම වලකා ගැනීම සඳහාය.ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දක්නට නැති අකාරයට මන්ත්‍රී වරුන්ට නීතියට පටහැනිව රජය සමඟ වියාපාර කරන්නට ඉඩ දීමෙන් දේසපාලන ක්‍රමයේ දූෂිත බව වර්දනය කිරීමට හේතු වී තිබෙනවා පමණක් නොව ඒ න්ස භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් හීන කිරීමට හේතුවී තිබේ.එයද විගනකාධිපති ගේ ප්‍රමානවත් තරමේ අවදානයට ලක්වී නැති ක්ෂේත්‍රයක් ලෙස සලකිය හැකිය.අතීතයේදී මත් පැන් බලපත්‍ර නිකුත් කරන ලද්දේ කාල රාමුවකට යටත්ව ඉහලම ඉල්ලුම් කරුටය.ජනාධිපති චන්දිරිකා පාලන කාලයේදී මන්ත්‍රීවරුන් හරහා මත් පැන් බලපත්‍ර නිකුත් කාරන ක්‍රමයක් ඇති කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් ලොකු පිරිසක්ද තැබෑරුම් කරුවන් බවට පත් කිරීමෙන් නොනැවතී විටින් විට ඉහලම මිලකට මත්පැන් බලපත්‍ර විකිනීමේ ක්‍රමයද අවසන් වී නාමික මිලකට විකුණූ බලපත්‍රය හැමදාටමත් වලංගු බලපත්‍ර ක්‍රමයක් බවට පත් කිරීමට හේතු විය.ඒ මගින් පමනක් රජයට සිදුවී තිබෙන අලාභය අති විශාලය.ගල් හා ඛනිජ වැලි යන අංසය මුලුමනින් පාරලිමෙර්න්තු, පළත් සභා හා ප්‍රාදේසිය සභා මන්ත්‍රීවරුන් ට වෙන්කල විෂය ක්ශේෂත්‍රයක් බවට පත්වී තිබෙන්නේ යයි කිව හැකිය.මන්ත්‍රීවරුන් නිසා වැලි ගල් බල පත්‍ර වලින් රජයට ලැබෙන්නේ නාමික මිලක් වුවත් ඒවා අත යට විකිනෙන මිල විශාලය.ජනාධිපතිට නීතියට ඉහලින් සිටීමට තිබෙන හැකියාව නැති කොට ජනාධිපති ඇතුළු මහජන චන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින්ට රජය සමග වියාපාර කිරීමට ලැබී තිබෙන නීති විරෝදි අයිතිය අහිමි කරන දැඩි ප්‍රතිපත්තියක් මගින් රටේ පවතින අපිලිවෙල හා දූෂනය බලවත් ලෙස පාලනය කිරීමට හැකියාව ලැබීම මගින් දේසපාලන ක්‍රමය සීලාචාර කරගැනීමට හැකි වනවාට ඇතිරේකව ඒ මගින් මනා මූල්‍ය පාලනයට අවශ්‍ය වටාපිටාවක්ද ඇතිකර ගැනීමට හැකිවේ.එසේම ඒ මගින් ඒ අන්සවලින් රජයට ලැබෙන අදායමේද ලොකු වර්දනයක් ඇති කර ගත හැකිය.
වෙනත් ප්‍රතිසංස්කරන
…………………………
ලංකාව දේස්පාලකයින් නඩත්තු කිරීම සඳහා කරන වියදම අති විශාලය.එය රටේ ආර්තිකයේ තරමට නොගැලපෙන ගැලපෙන්නේ නැත.එම වියදමෙන් ලොකු පන්ගුවක් අනවශ්‍ය නුසුදුසු ගනයේ ලා සැලකිය හැකි වියදම් ලෙස සැලකිය හැකිය.රජයේ වාහන ප්‍රතිපත්ති තර්කානු කූල හා යුක්ති සහගත තැනකට ගෙන ඒ මෙන් පමනක් ලොකු ධනයක් ඉතිරි කර ගත හැකිය.ධනවත් රටක් ලෙස සැලකිය හැකි එක්සත් රාජධානියේ පවා පාර්ලිමේන්තුවේ නිල වාහන දී තිබෙන්නේ අගමැතිට හා විපක්ෂ නායකයාට පමණය.ස්වීඩනයේ පාර්ලිමේන්තුවේ වාහන සංචිතයට තිබෙන්නේ වාහන හතරකි.අපේ රටේ එක කැබිනට් ඇමති වරයෙක් පරිහරනය කරන වාහන ගනන 10 ක් පමණ විය හැකිය.දේසපාලකයින් හා රජයේ උසස් නිලධාරින් සඳහා වැය කරන මෙවැනි අනවශ්‍ය නාස්තිකාර වියදම් කපා හැරීමෙන් පමනක් ලොකු වියදමක් ඉතිරි කර ගත හැකිය.ඒ මගින් ආනයන වියදමද අඩු කර ගැනීමට හැකි වන අතරආණ්ඩුවේ වැය බර සැලකිය යුතු ප්‍රමානයකින් අඩු කර ගැනීමට හේතුවනු ඇත.ආණ්ඩු ප්‍රතිසංස්කරන වැඩ සටහනක් මගින් ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යන්නේ නම් ජනාධිපති නීතියට යටත් තත්වයකට ගෙන් ඒමෙන් හා ජනාධිපති ක්‍රමය අවශ්‍ය නොවේ නම් තිබෙන දූෂිත පාලිමේන්තුවේ දූෂිත බව තුරන් කිරීමට හේතුවන ප්‍රති සංස්කරන ඇති කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ක් ඇති කර ගත හැකිය.එසේම නීතියට අනුකූල නොවන සියළු දේ අවලංගු කිරීමේ බලය අධිකරනයට ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් නීතියේ පාලන මත ක්‍රියා කරන රාජ්‍යක් ඇති කල හැකිය.එම තත්වය මහජනයා තුල ලොකු උද්දාමයක් ඇති කිරීමට හේතුවනු ඇති අතර විදේශ ආයෝජකයින් ගේ උනන්දුවට හේතුවන වාතාවරනයක් ඇතිකිරීමටද හේතුවනු ඇත.කුල ක්‍රමයට හා කුල බේදයට තිබෙන ඉඩ ප්‍රස්තා නැති කොට සියලු ආකාරයේ ජන වර්ගවලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිති වාසිකම් ලබා දෙන ප්‍රතිපත්ති රාමුවක පිහිටා ලාංකේය ජාතිය ගොඩනගා ගන්නා තත්වයකට යාහැකිය.එයද රටේ අභ්‍යන්තර සමගිය තර කොට රටේ ආර්තික පසුබිම ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.
ඒ නිසා මා යෝජනා කරන්නේ ගෙවුම් ශේෂ අර්බුදයට සීමා නොවී ලංකාවේ රාජ්‍යයේ, ආර්තිකයේ , දේසපාලන ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ යහපත් ගැබුරු විපර්‍යාසයක් ඇති කිරීමට හේතුවන වියුහමය ප්‍රතිසංස්කරන වැඩ සටහනනක්
සඳහා ආණ්ඩුවද සියලු දේසපාලන පක්ෂද පොදු එකඟතාවක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය බවය.එසේම මහජනයාද එම ප්‍රතිසන්ස්කරන වැඩ සටහනේ ක්‍රියා කාරි කොටස් කරුවකු බවට පත් කර ගත යුතු බවය.එසේම එක්සත් ජාතීන් ගේ සංවිදානයද එම වැඩ සටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කර ගත යුතුය.එසේ කිරීම අවශ්‍ය වන්නේ වැඩ සටහනට ස්තීර සාර බාවයක් ලබාදීම සදහා ය.එම ප්‍රතිස්ංස්කරන වැඩ සටහන තුළ මහජනයා මත බර පටවන දේවල් තිබිය හැකිවුවත් මහජනයා තුල ආස්ස්වාද ජනක බලාපොරොත්තු ඇති කිරීමට හේතුවන ඔවුන්ගේ ජීවිත කෙරෙහි යහපත් බලපෑමක් අති කරන දේවල්ද ඊට ඇතුලත්ව තිබිය යුතුය.”නීතිය මත පාලනය වන ආණ්ඩු ක්‍රමයක් “සියලු දෙනාගේ පිලි ගැනීමට හේතු වනු ඇත.”කුල බේදය අහෝසිකොට සියළු ආකාරයේ ජනවර්ග වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන “වැඩ සටහනක් ද පීඩිත ජන වර්ග හා ජන කණ්ඩායම් වල මහත් ආස්වාදයකට හේතුවනු ඇත.”පැසැල් ක්‍රමයේ හා අධ්‍යාපන ක්‍රමයේ ඵලදායි යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන අධ්‍යාපන ප්‍රතිසංස් කරන වැඩ සටහනක්” ද මහජනයාගේ බලවත් උනන්දුවට හේතුවනු ඇත.”රාජ්‍යය වෙලාගෙන තිබෙන දූෂනය හා අකාර්‍යක්ෂම තාව තුරන් කරන වැඩ පිළිවෙලක් “ද මහජන උනන්දුවට හේතු වනු ඇත.”ඉඩම් පරිහරනය හා බුක්තිය කෙරෙහි බලපාන වගා කිරීමට උනන්දුවක් දක්වන ජනයාට ඉඩම් ලබාදෙන ඉඩම් ප්‍රතිසස්කරන වැඩ සටහනක්ද ” මහ ජන උනන්දුවට හේතුවනු ඇත.ප්‍රතිසංස්කරන වැඩ සටහන ක්‍රියාතමක කොට අවසන් වන විට බංකොලොත් හා අසමත් තත්වයෙන් පරන ගැටුම් වලින් පිරුනු, අවලස්සන දූෂිත රට වෙනුවට සමගි සම්පන්න දූෂනයෙන් තොර නීතියේ පාලනය මත ක්‍රියා කරන, වර්ග, කුල අගම්, ලිංග බේදයකින් තොරව සියළු දෙනස් ආදරයෙන් රැක බලා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී හා බහුත්වවාදි නවීන රටක් නමන්ට හිමි වනු ඇති බව මහජනයාට පැහැදිලිව පෙනේ නම් ලංකාවේ මහජනයා එම ප්‍රතිසංස්කරන වැඩ සටහන සාර්තක කරගැනීම සදහා ක්‍රියා කාරි ලෙස සහාය දෙනු ඇතැයි සිතිය හැකිය. ,-ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්
විසඳුම ගැන වැඩි දුරටත්
...................................