ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 2021 වසරේදී විභාග කළ පැමිණිලිවල වින්දිතයින් සඳහා රු.මි 8.95 ක මුදලක් අයකර දෙයි.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් විදේශ රැකියා සම්බන්ධ ජාවාරම්කරුවන්ට එරෙහිව කාර්යාංශ පනත අනුව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව 2021 වර්ෂය තුළදී බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 451ට එරෙහිව කාර්යාංශයට පැමිණිලි ලැබී ඇති අතර, බලපත්‍රලාභී නොවන පුද්ගලයින් 92ට එරෙහිව පැමිණිලි ලැබී ඇත. එම වර්ෂය තුළදී පැමිණිලි විසදීම් හා ගැටළු සමථයකට පත්කිරීම් 1090ක් සිදුකර ඇත. විශේෂ විමර්ශන අංශයට සිදුකළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 8.95 ක මුදලක් පැමිණිලිකරුවන්ට යළි ලබාදී තිබේ. එසේම 2021 වර්ෂයේදි විශේෂ විමර්ශන අංශය විසින් වැටලීම් 4ක් සිදුකර තිබේ.
2021 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් රටතුළ ඇතිවූ විශේෂ තත්ත්වය මත නිසි පරිදි රාජකාරි කටයුතු කළ නොහැකි වූ තත්ත්වයක මෙතරම් පැමිණිලි ප්‍රමාණයක් විභාග කර පැමිණිලිකරුවන් වෙත ඔවුන්ගේ මුදල් නැවත අයකර දීමට හැකිවීම සතුටුදායක තත්ත්වයකි.
2022 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළදී බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 64ට එරෙහිව කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති අතර, බලපත්‍රලාභී නොවන රැකියා නියෝජිතායතන 23ට එරෙහිව කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබේ. 2022 වසරේ මුල් මාස දෙක තුළදි විසඳුම් ලබාදුන් පැමිණිලි සංඛ්‍යාව 161කි. විශේෂ විමර්ශන අංශයට සිදුකළ පැමිණිලි සඳහා රුපියල් මිලියන 1.26 ක මුදලක් මෙම කාලය තුළදී පැමිණිලිකරුවන්ට යළි ලබාදී තිබෙන අතර, වැටලීම් 5ක් සිදුකර තිබේ.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ හා කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් මත කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සිය විමර්ශන කටයුතු පුළුල් කර ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…