දේශීය

IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – සභානායක දිනේෂ් ගුණවර්ධන

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එය මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් විශ්වාස නොකරන බවද ඔහු කීය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, 2022.03.22 පාර්ලිමේන්තුවේදී, එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා, මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද කඩ කිරීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙහිදී සභානායකවරයා මෙසේද කීය.

” ගරු කථානායකතුමනි, අපි විශ්වාස කරන්නේ නැහැ හිටපු අග්‍රාමාත්‍යතුමා කිව්ව විදියට වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා. But what he wants is for us to the table, the finance minister to table it in the parliament, which we have agreed.
Article 4 (1) යටතේ තිබෙන ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යංශයට දන්වලා තිබෙනවා. ඔවුන්ගේ එකඟතාවයක් තියෙනවා. යම් කිසි පනතක්, ඊට පෙරාතුව විවාදය කරන්න බැහැ කියනවනම්, ඒ පිළිබඳව ගරු කථානායකතුමාගේ තීරණයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒ අනුව ඔබතුමා ඉල්ලන වාර්තාව අපි ඉදිරිපත් කරලා නැහැ. අපි ඉදිරිපත් කරනවා. It’s available to the whole world, but hon. Former prime minister wants the specific document to be presented. So we are agreed. They will proceed. ”

Recent Posts

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

31 mins ago

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

5 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

5 days ago