Monday, July 27, 2026
Homeදේශීයගබ්සා නීතියට සංශෝධනයක් අවශ්‍යයි - අධිකරණ ඇමැති

ගබ්සා නීතියට සංශෝධනයක් අවශ්‍යයි – අධිකරණ ඇමැති

ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

සමූහ දූෂණයට ලක් වී ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා ඇතැම් රටවල් දැනටමත් නීතිමය අවසරය දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සමූහ දූෂණයට හෝ දූෂණයට ලක්ව දැරියන්ට හෝ කාන්තාවන්ට උපදින දරුවන් යම් යම් කොන්දේසිවලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවක් ඇති විය යුතු අතරම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු කරන බව ද ඇමැතිවරයා කීය.

අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිනමිණ පුවත්පතෙන්

READ:   පොල්ගස්ඕවිට ඇලක තිබී නාඳුනන මළ සිරුරක් හුමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්