දේශීය

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” පනත් කෙටුම්පත- ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙයි

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී

නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ

තීරණය පහත පරිදි වේ:—
පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය
පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිසිදු විධිවිධානයක් හා අනනුකූල
නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පතෙහි 3 වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් නොවන්නේ නම්, එවිට පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය නීතියක් ලෙස පනවනු ලැබිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතෙහි 3 වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සමඟ අනනුකූලවීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය යි.

පනත් කෙටුම්පතෙහි 4 වගන්තිය
එය එසේ පැවතිය දී වුවත්, 141 ව්‍යවස්ථාව පනත් කෙටුම්පතෙහි 4 වගන්තියෙහි යෝජිත 10 වගන්තියේ ප්‍රධාන කොටස ලෙස ඇතුළත් කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙනු ඇති බව සහ පෙත්සම්කරුවන් විසින් මතුකරනු ලැබ ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස අමාත්‍යවරයා විසින් පාර්ලිමේනේතුවේ කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය යෝජනා කරනු ඇති බව උගත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණය වෙත දැනුම්දෙනු ලැබ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙහි සඳහන් කර ඇති හේතු දැක්වීම්වලට අනුව පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් සමඟ අනනුකූලනොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතෙහි 6 වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි 11 වගන්තියෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම ශ්‍රෙෂ්ඨාධිකරණයට කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතේ 10 වගන්තිය
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතේ 10 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

පනත් කෙටුම්පතේ 11 වගන්තිය

පනත් කෙටුම්පතේ 11 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වේය යන මතය දැරීමට කිසිදු පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

පනත් කෙටුම්පතේ 12 වගන්තිය

12 වගන්තියේ යෝජිත 26(2) ඡේදය එහි පවත්නා ස්වරූපයෙන් සලකනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.
123(1)(ඇ) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ පනත් කෙටුම්පතේ 12 වගන්තියේ යෝජිත 26(2) වගන්තිය
තුළ දක්වා ඇති විධිවිධාන, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුළ දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලබන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වනු ඇති බවයි.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

18 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago