දේශීය

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” පනත් කෙටුම්පත- ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙයි

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී

නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ

තීරණය පහත පරිදි වේ:—
පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය
පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිසිදු විධිවිධානයක් හා අනනුකූල
නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පතෙහි 3 වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් නොවන්නේ නම්, එවිට පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය නීතියක් ලෙස පනවනු ලැබිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතෙහි 3 වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සමඟ අනනුකූලවීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය යි.

පනත් කෙටුම්පතෙහි 4 වගන්තිය
එය එසේ පැවතිය දී වුවත්, 141 ව්‍යවස්ථාව පනත් කෙටුම්පතෙහි 4 වගන්තියෙහි යෝජිත 10 වගන්තියේ ප්‍රධාන කොටස ලෙස ඇතුළත් කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙනු ඇති බව සහ පෙත්සම්කරුවන් විසින් මතුකරනු ලැබ ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස අමාත්‍යවරයා විසින් පාර්ලිමේනේතුවේ කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය යෝජනා කරනු ඇති බව උගත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණය වෙත දැනුම්දෙනු ලැබ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙහි සඳහන් කර ඇති හේතු දැක්වීම්වලට අනුව පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් සමඟ අනනුකූලනොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතෙහි 6 වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි 11 වගන්තියෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම ශ්‍රෙෂ්ඨාධිකරණයට කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතේ 10 වගන්තිය
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතේ 10 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

පනත් කෙටුම්පතේ 11 වගන්තිය

පනත් කෙටුම්පතේ 11 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වේය යන මතය දැරීමට කිසිදු පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

පනත් කෙටුම්පතේ 12 වගන්තිය

12 වගන්තියේ යෝජිත 26(2) ඡේදය එහි පවත්නා ස්වරූපයෙන් සලකනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.
123(1)(ඇ) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ පනත් කෙටුම්පතේ 12 වගන්තියේ යෝජිත 26(2) වගන්තිය
තුළ දක්වා ඇති විධිවිධාන, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුළ දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලබන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වනු ඇති බවයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

21 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

21 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago