Saturday, September 12, 2026
Homeදේශීයයුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය

යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය

රුසියානු හා යුක්රේන ගැටුම හේකුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය.

රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඹහු පෙන්වා දෙන්නේ 28 පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවයි. දැනටමත් මේ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්කමේන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාපයකට බැවින් මේ වන විට මෙරට රැදී සිටිව යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලයද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ථා වලට අනුව මේ වන විට යුක්රේන සංචාරකයන් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500 කට ආසන්නය.

READ:   BREAKING NEWS: ජල ගාස්තුව ඉහළට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්