දේශීය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ‘සුනිල් මාධව ප්‍රේමතිලක’ මහතා දිවයින පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු වූ ඔහු, එහි සත්‍යවාදියෙකුගේ දිනපොත, හත්වැනි පිටුව, ආදී නිර්මාණ තුළින් පාඨකයින් අතරට වඩාත් සමීප විය..හිරු පුවත් පත තුළින් විකල්ප පුවත්පත් කලාව ද නව මගකට යොමු කළ ඒ මහතා, පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ, ‘මීමන ප්‍රේමතිලක’ මහතාගේ පුත්‍රයෙකි..

ඔහු සිය පුවත්පත් කලාව ආරම්භ කලේ, ලේක්හවුස් ආයතනයෙනි..පසු කලෙක ‘සිළුමිණ’ සංස්කරණය කළ, ඔහුගේ ‘හදවත ඇඳි ගී’ ප්‍රථම #නිසදැස් ‘කවි පිටුව’ ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය විය..
මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්.ආර්. සමරකෝන්, ඔගස්ටස් විනායගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, දයාසේන ගුණසිංහ, නාමෙල් වීරමුනි ආදීන්ගේ නිර්මාණවලින් මෙන්ම, නවක කවියන්ගෙන් මෙම පිටුව පෝෂණය විය..

දිවයින පුවත්පත ආරම්භයේදීම, ‘දයාසේන ගුණසිංහ’ සහ ‘එඩ්මන් රණසිංහ’ සමඟ එක් වී, මෙරට සාම්ප්‍රදායික පුවත්පත් කලාව ‘දැඩි පරිවර්තනයකට’ යොමු කළේය..
දිවයින පුවත්පතට ‘8වෙනි පිටුව’ යන නමින් ‘තරුණ පරපුර’ ඉලක්ක කරගත් රැඩිකල් මාධ්‍ය භාවිතයකට යොමු විය..

දිවයින පුවත්පතෙන් පසු ලක්මිණ, ලක්දිව සහ හිරු පුවත්පත්වල ‘ප්‍රධාන කර්තෘ’ වශයෙන් තවදුරටත් ඔහුගේ රැඩිකල් මාධ්‍ය භාවිතය ඉදිරියට ගෙන ගියේය..ඊට අමතරව සාහිත්‍යකරුවෙකු වශයෙන් හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු පොත් කිහිපයක් පරිවර්තනය කර තිබේ..
මේ සියල්ල අතරින් වඩාත් ජනප්‍රිය වී තිබුණේ ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ ය..සුනිල් මාධවගේ ‘චරිතය’ කේන්ද්‍රගත කර ගනිමින් ‘දයාසේන ගුණසිංහයන්’ විසින් ‘අවියක් නැති සෙනෙවියා’ යන නමින් කෙටි කතාවක්ද නිර්මාණය කරන ලදී..

‘සුනිල් මාධව’මහතා ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ, #නිම්වලල්ල යන නමින් චිත්‍රපට තිර පිටපතක් ලියූ අතර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ‘ඒ.ඩී. රංජිත් කුමාර’ මහතා ඇතුළු ශිෂ්‍ය පිරිසක් සමඟ එක් වී, එය ‘චිත්‍රපටයක්’ ලෙස නිර්මාණය කළේය..

කොට්ටාව-ආනන්ද විදුහලේ, #මහරගම-විද්‍යාකර විදුහලේ මෙන්ම #කොළඹ-ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වූ ඒ මහතා, තරුණ වියෙහිදීම පුවත්පත් කලාවට එක්වූයේ, 1963 වසරේදී ය..

1944 මැයි මස 12වනදා’ උපත ලැබූ ‘සුනිල් මාධව ප්‍රේමතිලක’ මහතා මිය යනවිට, #78වන වියෙහි පසුවිය..එතුමාගේ දේහය, මේ වනවිට තලංගම රෝහලේ තැන්පත් කර ඇත..

Recent Posts

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

32 mins ago

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

2 hours ago

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

5 days ago