දේශීය

නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි

නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙති.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (18) පස්වරුවේ 13 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක් කෙරිණ. බෞද්ධ විහාරස්ථාන ලියාපදිංචියේ දී අදාළ නිකායේ මහානායක හිමියන්ගේ සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ නිර්දේශය මත ලියාපදිංචියට අවසර දීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

පුරාවස්තු සහිත භූමි කේන්ද්‍රව පිහිටවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව මහා සංඝරත්නය පැවසූහ.

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සමාලෝචනය කළ අතර ඉදිරි මාස කිහිපය තුළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග මහතා සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මැනුම් සඳහා ඉල්ලීම් 484ක් ලැබී තිබේ. ඉන් 64ක මැනුම් කටයුතු සම්පූර්ණයෙන් නිම කර ඇති අතර ස්ථාන 22ක් සඳහා පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින බව මිනුම්පති ආරියරත්න දිසානායක මහතා පැවසීය.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිනමිණ පුවත්පතෙන්

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

7 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

7 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

8 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

8 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

9 hours ago