දේශීය

මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාල අරඹන්න ජනපතිගෙන් උපදෙස්

“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයනවා. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්න”.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීම, පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් සාකච්ඡාවට ලක් කෙරිණ.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කරගෙන යාමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන්නේය.

අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමටත් කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා පැවසීය.

II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීමටත් නිල ඇඳුම් දීමනාව ලබාදීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට පියවර ගැනිණ. එක් පිරිසක ඉල්ලීම් ලබාදීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරති. එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලු ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බව සියලුදෙනා අවබෝධ කරගත යුතු කරුණකි. එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිරන්සා කලුතන්ත්‍රී, ජාතික වැටුප් කොමිසමේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ

දිනමිණ වාර්තාවකි

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

17 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago