බදුල්ලේ රිදිමාලියද්ද ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් එකකි. මාටින් වික්‍රමසිංහ ගේ ‘‘ගම්පෙරළියේ‘ ජිනදාස බිබිලේ යන්නේ ‘ඇකිරියන්කුඹුර‘ ට ය. දෙහිගම කියන්නේ ඇකිරියන්කුඹුරට අල්ලපු ගමයි.
මාගේ බිරිඳ උපන් කාලයක් ජීවත් වූ යල්වෙල මේ ගම්මාන මායිමේ ය. සිනි කර්මාන්තශාලාවක් හදන්නට මහවැලි අධිකාරිය මේ දවස්වල අධිකරණ නියෝග රැගෙන විත් කඩා බිඳ දමන්නේ, විනාශ කරන්නේ දෙහිගම අපි හොදින් දන්නා අදුණන මිනිස්සුන්ගේ පාරම්පරික බිමයි.
වැසි ජලයෙන්, වගා ලිඳකින් වගා කරන ප්‍රදේශයේ සාමිප්‍රදායික හේන් ගොවියන්ගේ පාරම්පරික නිජ භුමියෙන් ඔවුන් ඉවත් කරන්නට තුන්සීයකට වැඩි පොලිස්, නිලධාරි හමුදාවක් එහි යවා ඇත.
අධිකරණ නියෝගයට අනුව ගොවීන් ඉවත් කරන්නට 2022 දෙසැම්බර් දක්වා අධිකරණය කාලය ලබා දී ඇත. රු. 14,000 ගානේ පොහොර මිලදී ගෙන, බඩඉරිිගු, කුරහං, මිරිස්, බටු වගා කොට ඇති වගා බිම් ඩොසර් කරයි. පැල් කොට කඩා බිඳ දමයි.
කන්ඩ නැති රටක, වෙනදා හැදෙන ඉරිඟු කරලෙන් තුනෙන් එකක් තරම්වත් නැති බඩ ඉරිඟු ගහ කැති ගා දැමූ පසුව මේ මිනිසුන්ගේ දරුවන්, බල්ලෝ පූසෝ කන්නට දෙයක් නැති වන්නේය.
දෙහිගම, ඇකිරියන්කුඹුර ගොවි සටනට දැන් මගේ පුතා ගේ (17) වයස ය.
බුු කර් සමාගමට විරුද්ධ සටනට අපි එහෙ යන විට සිටි මිනිසුන්ගේ මුහුණු අදත් රූපවාහිනියෙන්, ඡායාරූපයෙන් පෙනේ. මේ ගහ කොළ, ඇළ දොළ මිනිස්සු අන්ත අසරණය.
රිදිමාලියද්ද ලංකාවේ අතහැර දැමූ, අමතක කර දැමූ මිනිස්සුන්ගේ මූකලානකි. 2013 එවකට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා සමඟ මේ මිනිස්සුන්ට හැඳුණුම්පත් දෙන්නට මම සති ගණනක් එහි රැදී සිටියෙමි. ඔවුන් උප්පැන්නයක් වත් නැති මිනිස්සුන්ය. ඡන්දය දාන්නට හැදුණුම්පතක් දෙන්නට රාජ්‍ය නිලධාරීන් ගමට අරගෙන යන්නට අපට සිදු විය.
දැන් ඒ මිනිසුන් නැවත වරක් තම පාරම්පරික ගම්බිම රැක ගැනීමට සටනට බැස තිබේ.
උප්පැන්නයක්, හැදුණුම්පතක් නැති මිනිස්සුන්ට ඉඩමක ඔප්පුවක් නැත. 1990 මේ ඉඩම් ගොවීන්ට/පදිංචිකරුවන්ට දෙන්නට ඉඩම් කච්චේරි තබා සියලු කටයුතු සිදු කර තිබුණි. මේ උඩරට කැරැල්ලෙන් දිවි බේරාගෙන බිබිලට පැන ගිය කණ්ඩායම ය. නැතිනම්, ජිනදාස ලා මෙන් හේනක් කොටා ගන්නට පැමිණ බින්න බැස්ස මිනිස්සුන්ගේ අඩවිය ය.
සිංගප්පුරුවේ ගැසල්වෙන්චර්ස් සමාගම හා එක්ව ලංකාවේ අයි.එම්.එස්. හෝල්ඩිං සමාගම දේශපාලනඥයින් ද, පොලීසිය ද සියල්ලම තම වසඟයට ගෙන ඇත. පරිසර වාර්තා නැත. පුරාවිද්‍යා වාර්තා නැත. පොලීසිය සමඟ පැමිණ පැල් කොටේ කඩා බිඳ දමා ගොවියාගේ ඉඩම් අත්පත් කර ගනු ලබයි.
අඩුම ගානේ බඩ ඉරිඟු ටික කපා ගන්නට, කුරහං ටික නෙලා ගන්නට, ඉඩක් නොතියා මේ කරන විනාශය නැවැත්විය යුතුය. මාගේ වචනය ‘සර්කියුලර් ලෙස සලකන්නට‘ යැයි ජනාධිපතිතුමා සිංහ සෙයියා පැවැත්වූවේ මේ දෙහිගම මිනිස්සුන්ගේ ප්‍රශ්නයට කියූ වෙලාවේ බව දැන් බොහෝ දෙනාට අමතකය.
ඇකිරියන්කුඹුර – දෙහිගම කතාවත් උමාඔය සටන වගේමය. මේ අසරණයින්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය කිසිවෙක් අහලක නැන. ඡන්දයක් නොලැබුණු සමන්ත විද්‍යාරත්න පමනක් මිනිස්සුන් සමඟ ය.
මේ මා දන්නා කියන මිනිස්සුන්ගේ කතාවය. කැළේ අතරමංකර දැමූ මිනිස්සුන්ගේ කතාවය.
(ඡායාරූප – නයන ගේ පිටුවෙනි)
රජිත් කීර්ති තෙන්නකෝන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…