දේශීය

අපරාධ නීතිය තවදුරටත් ශක්තිමත් කර වඩාත් විනිවිදභාවයක් ඇති කරනවා – අධිකරණ අමාත්‍ය

මෙරට අපරාධ නීතිය තවදුරටත් ශක්තිමත් කර වඩාත් විනිවිදභාවයකින් සහ වේගවත්ව අධිකරණ පද්ධතියේ කටයුතු කිරීමටත් නීතියේ පාලනය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමටත් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත / අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියැවීමේ විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍යවරයා‌ මේ බව සඳහන් කළේය.

නීතියේ ප්‍රමාදය යන කාරණය අද සමාජය තුළ ඔඩුදුවා ඇතැයි පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, එය විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව සඳහන් කළේය. ඇතැම් නඩු අවුරුදු 50ක් තිස්සේ උසාවි වල විභාග වෙමින් පවතින බවත් ,මෙම ක්‍රමවේදය වෙනස් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නීතිඥ ප්‍රජාවද මේ සඳහා සහාය ලබා දී ඇතැයි ද කිය. නීතියේ පාලනය පිළිබඳ විශ්වාසයක් ඇති වීමේන් ජනතාව මේ සඳහා යොමු වන බවද කිය. මේ තුළින් නීතියේ නව නැම්මක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉක්මනින් අපරාධ නඩු විසඳීම සඳහා දීර්ග කාලයක් විසඳුම් සෙවූ බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, ඒ අනුව මෙම සංශෝධනයන් ගෙන එන බව සඳහන් කළේය. නීති‌යේ පාලනය ශක්තිමත් කරමින් ඉක්මනින් අපරාධ නඩු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද කීය.මෙහිදී පූර්ණ නඩු විභාගය යන ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් මෙමගින් නඩුව ආරම්භ වූ පසු එක දිගටම සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් වන බවත් පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවද කිය.

ආකල්පමය වෙනසක් ඇති කරමින් මේ රටේ අපරාධ නීතියේ වෙනසක් ඇති කිරීමට සියළු දෙනා සිය සහාය ලබා දෙන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

3 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

3 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

3 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

4 hours ago