දේශීය

ලෙබනනයේ UN අතුරුබලකායේ මෙහෙයුමට භට පිරිස් පිටත්ව යයි

ලෙබනනයේ එක්සත්ජාතීන්ගේ අතුරුබලකායේ මෙහෙයුම (UNIFIL)13 වන කණ්ඩායම සඳහා පිටත්ව යනු ලබන භඨපිරිස් වෙත සුබාශිංසන පිරිනැමීමේ උත්සවය ඊයේ (05) දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සිදු කරන ලදී.

මෙම කණ්ඩායමෙහි සංයුතිය නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 115 වන අතර, එහි පළමු අදියර ලෙස අද (05) දින නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයන් 67 දෙනෙකු ලෙබනනය බලා පිටත් වන ලදී.

එම කණ්ඩායමේ අණදෙන නිලධාරි වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිතන් කර්නල් එස්එම්ඩීඑන් සමරකෝන් ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කරනු ලබන අතර මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා යුද හමුදාවේ
ඉංජිනේරු බලකාය, සංඥා බලකාය, පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බලකාය, වෛද්‍ය බලකාය, යුධෝපකරණ බලකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, පොලිස් හේවා බලකාය, පොදු සේවා බලකාය, කාන්තා බලකාය යන රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වේ.

මෙම කණ්ඩායමෙහි වි‍ශේෂත්වය වනුයේ පළමු වරට ලෙබනනයේ එක්සත්ජාතීන්ගේ අතුරුබලකායේ මෙහෙයුම(UNIFIL) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් එක් නිලධාරිණියක් සහ සෙබළියන් 07 දෙනෙකු කණ්ඩායමට ඇතුළත් වීමයි.

මෙවනවිට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භඨපිරිස් 12 වන කණ්ඩායම ලෙස මෙම මෙහෙයුමෙහි නිරතව සිටින අතර, ඔවුන් මනාලෙස රාජකාරී කටයුතු කිරීම එජාසාසා විසින් කිහිප අවස්ථාවකදීම පැසසුමට ලක්කොට ඇත.

ශ්‍රී ලංකාව මෙම ලෙබනනයේ එක්සත්ජාතීන්ගේ අතුරුබලකායේ මෙහෙයුම (UNIFIL) සඳහා භඨපිරිස් 2010 වසරේ සිට සහභාගී කරවා ඇත.

Recent Posts

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

9 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

9 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago