දේශීය

අයිතිවාසිකම් උල්ලංඝණය කරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්

‘අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි වගන්ති 09ක් සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, තොරතුරු දැන ගැනීමේ කොමිසමට, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇත. පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

ජනවාරි මස 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන සහ බලය හීන වන බවත්, පෞද්ගලික දත්ත ජනමාධ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට දැඩි බාධාවක් එල්ලවන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට මෙන්ම දඬුම් නියම කිරීමට ද ස්වාධීන නොවන ආයතනයකට බලය හිමිවන බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සාමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් යොමු කළ ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තීරණයක් අනුව එහි සිමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පසුගිය 27 වැනිදා විශේෂ පෙත්සමක් ගොනු කළ බව ද, කාලාවරෝදය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප්‍රභ කළ බවද, පෙත්සම නිශ්ප්‍රභ කළ ද පනත් කෙටුම්පත සංශෝධනය නොකර සම්මත කළහොත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කිහිපයක් මෙන්ම පිළිගත් නීති සිද්ධාන්ත ද උල්ලංඝණය වන බව ද ඔවුන් විසින් යොමු කරන ලද ලිපියේ සඳහන්ය.

එම ලිපිය පහත දැක්වේ.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

19 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

19 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago