දේශීය

අයිතිවාසිකම් උල්ලංඝණය කරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්

‘අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි වගන්ති 09ක් සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, තොරතුරු දැන ගැනීමේ කොමිසමට, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇත. පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

ජනවාරි මස 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන සහ බලය හීන වන බවත්, පෞද්ගලික දත්ත ජනමාධ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට දැඩි බාධාවක් එල්ලවන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට මෙන්ම දඬුම් නියම කිරීමට ද ස්වාධීන නොවන ආයතනයකට බලය හිමිවන බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සාමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් යොමු කළ ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තීරණයක් අනුව එහි සිමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පසුගිය 27 වැනිදා විශේෂ පෙත්සමක් ගොනු කළ බව ද, කාලාවරෝදය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප්‍රභ කළ බවද, පෙත්සම නිශ්ප්‍රභ කළ ද පනත් කෙටුම්පත සංශෝධනය නොකර සම්මත කළහොත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කිහිපයක් මෙන්ම පිළිගත් නීති සිද්ධාන්ත ද උල්ලංඝණය වන බව ද ඔවුන් විසින් යොමු කරන ලද ලිපියේ සඳහන්ය.

එම ලිපිය පහත දැක්වේ.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

16 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago