රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍රයන් ආවරණයවන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්නැයි වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන රාජ්‍ය ආයතනයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.
තරුණ තරුණියන් වැඩිපිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මේ බව අවධාරණය කළේය. වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.
නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස කෙටිකාලීන පුහුණුවක් තුළින් විදේශ රැකියා සඳහා සුදුසු නිපුණ ශ්‍රමිකයන් බවට පත්කිරීමත්, විදේශ රැකියා වෙළඳපොළ සහ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් දැනට රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ රැකියා ක්ෂේත්‍රයන් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරන ලදි.
තරුණ කටයුතු අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය දැනටමත් තරුණ තරුණියන් සඳහා ඇතැම් වෘත්තීමය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්කගත පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව ද මෙහි දී අනාවරණය විය.
පසුගිය 26 වැනිදා වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතනයන් වෙත අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය,දකුණු කොරියාව,ඉතාලිය,රුමේනියාව,දෝහ කටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබෑර්තු 183,198කට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බවද මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…