දේශීය

පුරවැසියන්ට කිසිදු අඩුපාඩුවක් නොවන අයුරින් සෞඛ්‍ය සේවාව ක්‍රියාවට නංවීමට හැකියි-සෞඛ්‍ය ඇමති

ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ , මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයන්හි නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

නව ප්‍රභේදය සමඟ , ලෝක සංඛ්‍යා ලේඛණ දෙස බලන විට යම් තිගැස්මකට ලක්වන බවත් එහෙත් මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තරික වශයෙන් පවා පවතින බවත් අමාත්‍යවරයා කීය.

ඇතැමුන් රටෙහි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන තත්ත්වයක පවතින බවට දුර්මත ගෙනයන බවද, එහෙත් එවැනි තත්ත්වයක් කිසිලෙසකින් ඇති නොවන්නට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා කීය. විශේෂයෙන් රටෙහි සෞඛ්‍ය පද්ධතියට මේ උදෙසා හැකියාවක් පවතින බවත් එමෙන්ම එයට විශ්වාසයක් , ආත්ම ශක්තියක් පවතින්නේ පුහුණුව ලත් රටට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රට තුළ සිටීම මෙන්ම ඔවුන්ගේ ප්‍රශංසනීය කැපවීම නිසා බවත් අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේම ඉහළ කැපකිරීම ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බවත් නව ප්‍රභේදයේ හැසිරීම කෙසේ වෙතත් එන්නත් මගින් වෛරසයේ ව්‍යාප්තිය හා මරණ ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයවේදය රටතුළ ඉතා සාර්ථක වූ බවත් අවශ්‍ය තරම් ඇඳන් , ඔක්සිජන් නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළත් රටෙහි පුරවැසියන්ට කිසිදු අවස්ථාවක අඩුපාඩුවක් නොවන අයුරින් රටේ සෞඛ්‍ය සේවාව උපරිමයෙන් ක්‍රියාවට නංවීමට හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

18 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

18 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago