ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ , මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයන්හි නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
නව ප්‍රභේදය සමඟ , ලෝක සංඛ්‍යා ලේඛණ දෙස බලන විට යම් තිගැස්මකට ලක්වන බවත් එහෙත් මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තරික වශයෙන් පවා පවතින බවත් අමාත්‍යවරයා කීය.
ඇතැමුන් රටෙහි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන තත්ත්වයක පවතින බවට දුර්මත ගෙනයන බවද, එහෙත් එවැනි තත්ත්වයක් කිසිලෙසකින් ඇති නොවන්නට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා කීය. විශේෂයෙන් රටෙහි සෞඛ්‍ය පද්ධතියට මේ උදෙසා හැකියාවක් පවතින බවත් එමෙන්ම එයට විශ්වාසයක් , ආත්ම ශක්තියක් පවතින්නේ පුහුණුව ලත් රටට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රට තුළ සිටීම මෙන්ම ඔවුන්ගේ ප්‍රශංසනීය කැපවීම නිසා බවත් අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේම ඉහළ කැපකිරීම ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බවත් නව ප්‍රභේදයේ හැසිරීම කෙසේ වෙතත් එන්නත් මගින් වෛරසයේ ව්‍යාප්තිය හා මරණ ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයවේදය රටතුළ ඉතා සාර්ථක වූ බවත් අවශ්‍ය තරම් ඇඳන් , ඔක්සිජන් නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළත් රටෙහි පුරවැසියන්ට කිසිදු අවස්ථාවක අඩුපාඩුවක් නොවන අයුරින් රටේ සෞඛ්‍ය සේවාව උපරිමයෙන් ක්‍රියාවට නංවීමට හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…