රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා පවසයි.
පාර්ක් බ්යෝන්ග් – සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.
පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා යි.
ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතී. එම අවස්ථාව උදාකරගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ජනාධිපතිතුමා පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලාංකිකයින් 22,000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර ඔවුන් ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙති. එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සියෝග් මහතා ජනාධිපතිතුමා සමග පැවසීය.
මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කර අතර මෙරට අවශ්‍යතාව අනුව එය ඉටුකර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බව කථානායකවරයා සඳහන් කළේය.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…