ක්‍රීඩා

ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව නම් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායමට පාකිස්තානයෙන් ක්‍රීඩකයෙන් තිදෙනකු, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් තිදෙනකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලත්ය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් ලොව හොඳම විස්සයි-20 කණ්ඩායමට නම් කර තිබේ.

ගෙවී ගිය වසරේදී දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණු හසරංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් ලොව අවධානයට පාත්‍ර වූවේය. පන්දු යැවීමට අමතරව පිතිකරුවකු ලෙසද දක්ෂතා දැක්වීමට වනිඳු සමත්වීම, හොඳම ක්‍රීඩකයින් අතරට එකතුවීමට මං පෙත් විවර කර දී තිබේ. ගෙවී ගිය වසරේදී වනිඳු විස්සයි-20 තරග 20 කට සහභාගිවෙමින් කඩුලු 36 ක් දවා ගැනීමටද ලකුණු 196 ක්ද ලබා ගැනීමට සමත්ව සිටියි.

නම් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 කණ්ඩායම – ජොස් බට්ලර්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), බාබර් අසාම් (නායක), ඒඩ්න් මාක්‍රම්, මිචෙල් මාෂ්, ඩේවිඩ් මිලර්, ටබ්‍රේස් ශම්සි, ජොස් හෙසල්වුඩ්, වනිඳු හසරංග, මුස්ටෆිසූර් රෙහ්මාන්, ශහීන් අෆ්රිඩි.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

21 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

22 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago