නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන 2022.01.18 අඟහරුවාදා ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් 2022.01.19 බදාදා සහ 20 බ්‍රහස්පතින්දා යන දින දෙකේ දී පැවැත්වීමට නියමිත බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇත.
එමෙන්ම 2022.01.20 දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය. එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.
අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව, 2022.01.21 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…