දේශීය

වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි. වැඩිම රුසියාවෙන්.

මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින 14 තුල මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාන්ඩුවෙන් බවත් සංචාරකයන් 6963 ක් ඒ අනුව රුසියානු සමූහාන්ඩුවෙන් ගෙවි ගිය සති දෙකක කාලය තුල මෙරටට පැමිණ ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021) කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,94,495කි. ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 03 තුලයි. එම මාස 03 ක කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571 කි.

පසුගිය සති 02 තුල රුසියානු සමූහාන්ඩුවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවලිනි.සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රථිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක පැමිණීම් වර්ධනය වීමත් සමග මේ වන විට එම ක්ෂේත්‍ර යේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළු වලටද කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව
ඉහල නංවා ගැනිම සදහා රජය ගත යුතු ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවද කීවේය. මේ වසරේ ලෝකයේ විවිධ රටවල් වල පැවැත්වෙන සංචාරක ප්‍රදර්ශන සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාව දැනටමත් සැලසුම් කර තිබේ.මීට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් හදුනාගත් රටවල විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.මීට අමතරව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපොල ඉලක්ක කර ගනිමින් ගෝලිය
සන්නිවේදන වැඩ සටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර මේ වසරේ මුල් කාර්තුව තුළ එය දියත් කිරිමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

24 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago