දේශීය

වැලිකඩ සිරකරු ඝාතනය : හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට මරණ දඬුවම -නියෝමාල් රංගජීව නිදහස් කරයි (SPECIAL NEWS)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (12) මරණීය දණ්ඩනය නියම කළේය.

එම නඩුවේ චෝදනා ලැබ සිටි පළමු විත්තිකරු වූ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින පොලිස් විශේෂ කාර්යය බළකාය වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාවයේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එවකට පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්ද තුවාල ලැබීය.

කෙසේවෙතත් අදාළ සිදුවීමේදී රැඳවියන් 08 දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරාදැමීම, කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධි ජන ඒකරාශිය ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් 2019 ජුලි මස 04වන දින සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදු කළේය.

ඒ අනුව අදාළ නඩුව වසර දෙකකට වැඩි කාලයක් විභාග කෙරුණි.

දිනමිණ වාර්තාවකි

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

14 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

14 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago