ක්‍රීඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පෙරමුණට

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟින් ශ්‍රී ලංකාවට පෙරමුණට ගැනීමට හැකියාව ලැබී තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර සිටින ශ්‍රී ලංකාව එම තරග 2 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 24 ක් ලබා සිටින්නේ ජයග්‍රාහී ප්‍රතිශතකය 100% ක් තබා ගනිමිනි. සිව්වැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමඟ ඔස්ට්‍රේලියානු පිලේ ජයග්‍රාහී ප්‍රතිශතය 83.33% දක්වා අඩු වී තිබේ. අලු බඳුන තරගාවලිය යටතේ තරග 4 කට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉන් තරග 3 ක් ජය ගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටියි.

මෙම සටහනේ ජයග්‍රාහී ප්‍රතිශතය 75% ක් රඳවාගෙන සිටින පාකිස්තානු පිල තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැඳෙද්දී දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළිවෙලින් පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථාන වල රැඳී සිටිති. ඉකුත් වර ටෙස්ට් ලෝක ශූරයින් බවට පත් වුණු නවසීලන්ත කණ්ඩායම නවසීලන්ත පිල හමුවේ ලද පරාජයත් සමඟ 8 වැනි ස්ථානයේදී එංගලලන්ත පිල 9 වැනි ස්ථානයේදී පසුවෙයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

10 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago