ක්‍රීඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පෙරමුණට

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟින් ශ්‍රී ලංකාවට පෙරමුණට ගැනීමට හැකියාව ලැබී තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර සිටින ශ්‍රී ලංකාව එම තරග 2 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 24 ක් ලබා සිටින්නේ ජයග්‍රාහී ප්‍රතිශතකය 100% ක් තබා ගනිමිනි. සිව්වැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමඟ ඔස්ට්‍රේලියානු පිලේ ජයග්‍රාහී ප්‍රතිශතය 83.33% දක්වා අඩු වී තිබේ. අලු බඳුන තරගාවලිය යටතේ තරග 4 කට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉන් තරග 3 ක් ජය ගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටියි.

මෙම සටහනේ ජයග්‍රාහී ප්‍රතිශතය 75% ක් රඳවාගෙන සිටින පාකිස්තානු පිල තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැඳෙද්දී දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළිවෙලින් පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථාන වල රැඳී සිටිති. ඉකුත් වර ටෙස්ට් ලෝක ශූරයින් බවට පත් වුණු නවසීලන්ත කණ්ඩායම නවසීලන්ත පිල හමුවේ ලද පරාජයත් සමඟ 8 වැනි ස්ථානයේදී එංගලලන්ත පිල 9 වැනි ස්ථානයේදී පසුවෙයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

16 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

16 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago