දේශීය

වසරේ මුල් දින 6 දී පමණක් සංචාරකයින් දහසයදහසක් මෙරටට ඇවිත්. ගුවන් තොටට එන්නත්කරණ මධ්‍යස්ථානයක්

ගුවන් තොටුපොළ හරහා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිට වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ (09) පෙරවරුවේ ඩුබායි සංචාරය නිම කර මෙරටට පැමිනි අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ය.

මෙරටට පැමිණෙන එන්නත් මාත්‍රාවක් ලබා ගත් අය සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවද, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් අය සඳහා බූස්ටර් එන්නත ද මෙහිදී ලබා ගත හැකිය.
කඩා වැටුණු ආර්ථිකයක් නගා සිටුවීම, ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම යන කරුණු දෙකම එකවර ජය ගැනීමේ අභියෝගය රට හමුවේ ඇති හෙයින් මෙවැනි ක්‍රියාමාර්ග වලට යොමු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සාර්ථකව එන්නත්කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ මුල් රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා එන්නත්කරණය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අගය කිරීමට ලක්වූ බවද කීවේය.

ඒ අනුව සිනොෆාම් එන්නත් සදහා වැය වූ මුදල් ආසියානු සංවර්ධන බැංකුවත්, ෆයිසර් එන්නතට වැය වූ මුදල් ලෝක බැංකුවත් ණය ආධාරයකින් ගෙවා ඇත. එන්නත්කරන වැඩපිළිවෙල අසාර්ථක බව කීමට විරුද්ධ පක්ෂයේ ඇතැම් කණ්ඩායම් උත්සාහ කළත් එන්නත් මිලදී ගැනිමේ මුළු ක්‍රියාන්විතයම ජාත්‍යන්තර නිර්ණායක වලට එකඟව විනිවිදභාවයෙන් සිදු වූ බව මෙමගින් පැහැදිලියි.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ මගින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ලංකාවට හැකි වූ අතර බිද වැටුනු සංචාරක ව්‍යාපාරයේ ක්‍රමානුකූල නැගී සිටීමක් දක්නට ඇති බවද කී අමාත්‍යවරයා ,ඉකුත් ජනවාරි මස පලවෙනි දා සිට 6 වැනිදා දක්වා වූ කාලය තුළ මේ රටට සංචාරකයන් 16000 අධික ප්‍රමාණයක් පැමිණ ඇතැයි ද පෙන්වා දුන්නේය.

ලෝක වසංගතයකින් ජනතාව මුදවා ගනිමින් රටේ ආර්ථිකය නැංවීම සඳහා ගෙනියන වැඩපිළිවෙලට සහය දක්වනවා වෙනුවට වසංගතයෙන් හෝ බලයට පැමිණීමට උත්සාහ කරන අයට ජනතාව ඉදිරියේ දී පාඩම් කියාදෙන ඇතැයි ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

8 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

8 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago