දේශීය

දෙවන මහලින් බිමට තල්ලු කෙරුණු කාන්තාව ගෘහ සේවයට යැවූ තැරුව්කරු අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යවා ඇති අතර, ඇය සේවා ස්ථානයේ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු පහර දී ගොඩනැගිල්ලේ දෙවන මහලින් බිමට තල්ලු කර ඇත.

මෙම කාන්තාව එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු එහි සේවය කරන “සාමා” නැමැති කාන්තාවක් ඇයට නැවත එම නිවසේ සේවයට යන ලෙස බල කරමින් පහර දී ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙවන මහලින් බිමට තල්ලු කර ඇත. බිම ඇඳ වැටීමෙන් ඇයගේ අත්වල හා පාදවල අස්ථි බිඳී ගොස් ඇත. ඇය මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, ආබාධිත තත්ත්වයේ පසුවේ.

මේ පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබදව ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ විමර්ශන අංශයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙම කාන්තාව නීති විරෝධි අයුරින් විදේශ ගතකළ තැරැව්කරු වන ගම්පොල ප්‍රදේශයේ නෆීර් මසාහීර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.5000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී සරත් විමලවීර, නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී කපිල කරුණාරත්න හා නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී ඉදුනිල් පුෂ්පකුමාර යන මහත්වරුන් විමර්ශනය කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

දිනමිණ පුවත්පතෙන්

Recent Posts

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

4 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

13 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

13 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago