දේශීය

ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාවත් එක් වෙයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බරපතළ ලෙස කඩාවැටීමකට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තය නව මාවතකට යොමු කරමින් උදා වූ 2022 නව වසරේදී ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්තයන් 20 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

සුප්‍රකට සී.එන්.එන් ප්‍රවෘත්ති සේවාවේ සංචාරක කලාපය වන සී.එන්.එන් ට්‍රැවල් මඟින් මේ ගමනාන්තයන් හඳුන්වා තිබෙන අතර ගෝලීය වසංගතයෙන් පසු ලොව යළි විවෘත වීමේ දී අනිවාර්යෙන් සංචාරය කළයුතු සිහින ගමනාන්තයන් ලෙස එම ගමනාන්ත පෙන්වා දී ඇත.

ඇන්ටිගුවා සහ බාබියුඩා යන කොදෙව් දිවයින්, ලතින් ඇමරිකානු චිලී දේශය, ප්‍රංශය, ග්‍රීන්ලන්තය, ෆින්ලන්තය, ඉතාලියේ නේපල්ස් ඇතුළු සංචාරක කලාප සමඟ සී.එන්.එන් ට්‍රැවල් මඟින් කොළඹ කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සටහනක් ද ඉදිරිපත් කර ඇත. මෙරට ආකර්ශනීය වෙරළ තීරයන් සහ තේ වතුයාය මෙන්ම ශ්‍රී ලංකාවටම ආවේනික රසවත් ආහාර පාන පිළිබඳව ද එහි විශේෂයෙන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් කිහිපයක් ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්තයන් ලෙස පෙන්වා දී තිබෙන අතර ඇන්ටිගුවා, ගිනියා, චිලී, ප්‍රංසය, ග්‍රීන්ලන්තය, ගැබොන්, ජෝර්දානය, ෆින්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, පේරු, එක්සත් රාජධානිය, නෝර්වේ, තායිවානය, මැලේසියාව, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤය ඒ අතර වෙයි.

සංචාරක කර්මාන්තය හා සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි සී.එන්.එන් ට්‍රැවල් හි විශේෂ අවධානය යොමුව තිබෙන අතර සංචාරක ආකර්ෂණය, සාමය හා ස්ථාවර බව, දේශපාලන ස්ථාවරත්වය, යටිතල පහසුකම්වල දියුණුව ආදිය කෙරෙහි මෙහිදී අවධානය යොමුකර ඇත. මේ සඟරාවට අනුව ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පැමිණ තිබෙන අතර එහිදී කොළඹ නගරයට විශේෂ ස්ථානයක් හිමිව තිබේ. අගනුවර නොවුවද ශ්‍රී ලංකාවේ කොළඹ නගරය රටේ විශාලතම නගරය බව පෙන්වා දී තිබෙන එම සඟරාව බොහෝ සංචාරකයන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට ප්‍රියකරන බවද පෙන්වා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම වැඩසටහන් ශ්‍රී ලංකාවට අමතරව විවිධ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් කාර්යාල සම්බන්ධ කරගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

4 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

13 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

13 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago