දේශීය

තෙරේසා මව්තුමියගේ පුණ්‍යායතනයට විදේශ අරමුදල් සැපයීමේ බලපත්‍රය අලුත් කිරීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි

තෙරේසා මව්තුමිය විසින් ආරම්භ කරනු ලැබූ අන්ත දුගී ඉන්දියානුවන් සඳහා ආධාර ලබා දෙන ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ සංවිධානය සඳහා වන විදේශ අරමුදල් සැපයීමේ බලපත්‍රය අලුත් කිරීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.

නිවාස, පාසල්, සායන මෙන් ම අනාත දරුවන් සඳහා ද විදේශ ආධාර ලබා දෙන මෙම සංවිධානය සඳහා වන ලියාපදිංචිය දීර්ඝ නොකරන බවට පසුගිය නත්තල් දිනයේදී ඉන්දීය නිවාස අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන්දියානුවන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා එම සංවිධානයේ වැඩසටහන් භාවිත කරන බවට හින්දු මතධාරීන් බොහෝ කලක සිට චෝදනා කර ඇති බව ය.

කෙසේ වෙතත්, එම චෝදනා ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ පදනම මගින් ප්‍රතික්ෂේප කර ඇත.

විදෙස් මාධ්‍යය සඳහන් කළේ, එම සංවිධානය ලද ආධාර තැන්පත් කර ඇති ගිණුම් අක්‍රීය කිරීමට ද ඉන්දීය රජය කටයුතු කර ඇති බව ය.

මැසිඩෝනියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ තෙරේසා මව්තුමිය විසින් පිහිට වූ ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ සංවිධානය කල්කටාව මූලිකව ආරම්භ වී ඇත්තේ, 1950 වර්ෂයේදී ය.

එම සංවිධානය ලොව වඩා ත් පිළිගැනීමට ලක් වූ කතෝලික පුණ්‍යායතනයක් ලෙස ප්‍රචලිත ය.

ඒ හරහා සුවිශාල මානුෂීය සේවයක් ඉටු කළ තෙරේසා මව්තුමියට 1979 වර්ෂයේ දී නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය.

2015 වර්ෂයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබූ අතර ඒ ඇය ජීවිතක්ෂයට පත්ව වසර 19කට පසුව ය.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

22 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

23 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago