සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බවට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීම පිළිබඳ සහතිකයක් ලබාදිය යුතු බවත්, එය තම පක්ෂය විසින් රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවත්, ඔහු අවධාරණය කළේය. එමෙන්ම අනෙක් ජන කොටස් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා, හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බවත්, කියා සිටියේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ, ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට කැපවී ඇති බවද අවධාරණය කළේය. ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන්, ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි, අපේක්ෂාව බවද, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
කෝවිඩ් අර්බුදය පැමිණි අවස්ථාවේ, කිසිදු විදේශ රටක් ප්‍රතික්ෂේප නොකර ජනාධිපතිතුමා, ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කිරීමේ අතීතය අමතක නොකර යළි සිහිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම මුදල් ඇමතිවරයා අය වැය තුළින් ඉදිරිපත් කළ දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද ඔහු කීය.
පාසල් හමාර කළ රැකියා නොමැති තරුණ පිරිස ප්‍රායෝගික වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමු කිරීමද වසර 2022 ඇති අභියෝගයක් බව පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා පොතේගුරුවාදයෙන් බැහැරව, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගතයුතු බවද කියා සිටියේය. මේ තරුණ තරුණියන් රටේ අනාගතය වන නිසා ඔවුන් බලවත් කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද අවධාරණය කළේය. මීට ප්‍රාදේශීය සභා පවා සහභාගී කරගත යුතු බවද ම.එ.පෙ. නායකයා කීය. ග්‍රාමීය ඉල්ලුම සපුරාලීමට ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළට නිෂ්පාදනය වැඩිකර, පශ්චාත් කොවිඩ් ආර්ථිකය ගොඩනැගීමට, පොතේගුරුවාදයෙන් තොරව ප්‍රායෝගිකව වැඩ කළ යුතු බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය ඉරිදා( 26) සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල උත්සව ශාලාවේදී පැවති, සීතාවක බල මණ්ඩල සභාවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අඳහස් පල කළේ ය .
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…