ව්‍යාපාරික

Made in Sri Lanka විද්‍යුත් වෙළඳ⁣පොළ තුළින් කාටත් වාසි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන රටේ සංවර්ධනයට උරදෙන ආයතන කිහිපයක් ම පවතී. ඉන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සුවිශේෂයි. එය සමස්ත රජයේ ආයතන අතරද ගන්නේ ප්‍රමුඛස්ථානයක්. දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක සුවිශේෂී දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තතරුවන්ගේ සංවර්ධනය, ප‍්‍රවර්ධනය හා පහසුකම් සැලසීම යන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා කටයුතූ කරන රාජ්‍ය අංශය සතූ ප‍්‍රමුඛතම ආයතනයක් ලෙස මෙම අධිකාරිය සැළකෙනවා.

දේශීය කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරයන්හි තිරසාරභාවයට බලපාන ප‍්‍රධාන බාධාවන් ලෙස නිසි වෙළදපලක් නොමැතිකම සහ දැරිය නොහැකි අධික වෙළද පිරිවැය හදුනාගෙන ඇත.
මෙම කරුණු මනාව කළමනාකරණය කරගනිමින් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් ආරක්ෂා කර ගනිමින් ඔවුුන් හට නිත්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළදපල ප‍්‍රවේශයක් ලබාදීම සදහා “Made in Sri Lanka” රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය, ඉකුත් 11 වන දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.

වත්මනෙහි ශ‍්‍රී ලාංකික ජනතාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුධයට විසදුමක් ලෙස මෙන්ම ඔබගේ අතමිට සරු කර ගැනීමටද මෙමගින් හැකිවනු ඇත. මෙම සුවිශේෂී අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීම සදහා ඔබගේ ව්‍යාපාරය අදම “Made in Sri Lanka” විද්‍යුත් වෙළද ද්වාරය තූල ලියාපදිංචි කොට ඒ හා එක් විය හැක.
දැයේ දියුණුවට අතහිත දෙන අපගේ නිෂ්පාදකයන්ගේ නිර්මාණ මිලදී ගැනීමට ශ‍්‍රී ලාංකීක ප‍්‍රජාව ඇතූඑ ලෝකවාසී සියලු ප‍්‍රජාවට එම ආයතනය ආරාධනා කර සිටියි.
http://www.madeinsrilanka.org/

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago