ව්‍යාපාරික

Made in Sri Lanka විද්‍යුත් වෙළඳ⁣පොළ තුළින් කාටත් වාසි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන රටේ සංවර්ධනයට උරදෙන ආයතන කිහිපයක් ම පවතී. ඉන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සුවිශේෂයි. එය සමස්ත රජයේ ආයතන අතරද ගන්නේ ප්‍රමුඛස්ථානයක්. දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක සුවිශේෂී දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තතරුවන්ගේ සංවර්ධනය, ප‍්‍රවර්ධනය හා පහසුකම් සැලසීම යන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා කටයුතූ කරන රාජ්‍ය අංශය සතූ ප‍්‍රමුඛතම ආයතනයක් ලෙස මෙම අධිකාරිය සැළකෙනවා.

දේශීය කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරයන්හි තිරසාරභාවයට බලපාන ප‍්‍රධාන බාධාවන් ලෙස නිසි වෙළදපලක් නොමැතිකම සහ දැරිය නොහැකි අධික වෙළද පිරිවැය හදුනාගෙන ඇත.
මෙම කරුණු මනාව කළමනාකරණය කරගනිමින් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් ආරක්ෂා කර ගනිමින් ඔවුුන් හට නිත්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළදපල ප‍්‍රවේශයක් ලබාදීම සදහා “Made in Sri Lanka” රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය, ඉකුත් 11 වන දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.

වත්මනෙහි ශ‍්‍රී ලාංකික ජනතාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුධයට විසදුමක් ලෙස මෙන්ම ඔබගේ අතමිට සරු කර ගැනීමටද මෙමගින් හැකිවනු ඇත. මෙම සුවිශේෂී අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීම සදහා ඔබගේ ව්‍යාපාරය අදම “Made in Sri Lanka” විද්‍යුත් වෙළද ද්වාරය තූල ලියාපදිංචි කොට ඒ හා එක් විය හැක.
දැයේ දියුණුවට අතහිත දෙන අපගේ නිෂ්පාදකයන්ගේ නිර්මාණ මිලදී ගැනීමට ශ‍්‍රී ලාංකීක ප‍්‍රජාව ඇතූඑ ලෝකවාසී සියලු ප‍්‍රජාවට එම ආයතනය ආරාධනා කර සිටියි.
http://www.madeinsrilanka.org/

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

17 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

17 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago