දේශීය

අඩාල වූ ගාල්ල කොටුවේ තරුණයන්ගේ මුහුදු පිම්මට විකල්පයක්

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට තවදුරටත් එය පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් වසර 15 ක් පමණ තිස්සේ එම ස්ථානයේ සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට පසුගිය සිකුරාදා සිට එම ක්‍රියාවේ නිරත වීමට නොහැකි බව වාර්තා වි තිබිණි. මේ
සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමතිවරයා පුරාවිද්‍යා නිළධාරින් සමග (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එහි දි අවධාරණය කෙරුණේ මෙම තරුණයන්ගේ මුහුදට පනින ක්‍රියාව සම්පුර්ණයෙන් ම නතර වි නොමැති බවයි. ඔවුන් ඉදිරිපත් කරන එක් පිම්මක් පමණක් අදාළ ස්ථානයේ ඉදිකර ඇති ගල් බැම්මක් හේතුවෙන් නතර වි ඇති බව මෙහි දි සදහන් කෙරිණි.

ගාලු කොටුවේ මෙම ස්ථානය කොඩිගල මුර අට්ටාලය ලෙස හදුන්වනු ලබන බවත්, ලන්දේසි සමයේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් සහ නැව් සදහා සංඥා සැපයිම සදහා භාවිතා කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරිහු මෙහි දි කියා සිටියහ. මෑතක දී කල සංරක්ෂණ වල පැරණි ප්‍රදිපාගාරයේ පාදම හා කොඩිය රැද වු ස්ථානය හමුව තිබේ. අදාළ කොඩිය රැදවු ස්ථානයේ ඇණ පවා මතුව ඇතැයි පුරාවිද්‍යා නිළධාරිහු කියා සිටියහ. තරුණයන් එක් පිම්මක් සදහා දිවයන්නේ එම ස්ථානය හරහා බව ද ඔවුහු පෙන්වා දුන්හ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සදහන් කළේ ලෝක බැංකු ආධාර යටතේ මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ තරුණයන් කිපදෙනෙකු සිදුකරන මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ජනප්‍රිය බවයි. ඒ නිසා අදාළ තරුණයන්ට එම ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යැයි පුරාවිද්‍යා නිළධාරින්ගේන් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago