දේශීය

සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීමේ තීරණය යළි හරවන්නැ’යි ජ.වි.පෙ ඉල්ලයි

සයිප්‍රස්, නයිජීරියා හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තානාපති හා කොන්සල් කාර්යාල වසා දැමීමට තළ තීරණය ගැන කණගාටුවට පත්වන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විදේශ කටයුතු අමාත්‍යාවරයාට ලිපියක් යවා තිබෙනවා.

ජී.එල් පීරිස් මහතා
විදේශ කටයුතු ඇමති
විදේශ කටයුතු අමාත්‍යාංශය
24/12/2021
ඇමතිතුමනි,
සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීම
පසුගිය දෙසැම්බර් 16 දින මාධ්‍ය වාර්තාකර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් විදෙස් රාජ්‍යයන් 3ක් තුළ, එනම් සයිප්‍රස්, නයිජීරියා හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තානාපති / කොන්සල් කාර්යාලය 3ක් වසා දැමීමට තීරණය කොට ඇති බවය. මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ වියදම් කපා හැරීමේ අවශ්‍යතාවයයි.
රටක් ලෙස මෙවන් තත්වයකට පත්වීමට සිදුවීම පිළිබඳව අප කණගාටුවට පත්වන බව මුලින්ම ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම මෙහිදී අප වඩාත් අවධානය යොමු කරන කාරණයක් වන්නේ සයිප්‍රසයේ කොන්සල් කාර්‍යාලය වැසීම පිළිබදවය.
සයිප්‍රසයේ සේවය කළ හය දහසක් (6000ක්) පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දායක වූ එරට ‘සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල’ (Cyprus Social Security Fund) එම ලාංකිකයන්ට ලබා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී ඇත. ඇතැම් ශ්‍රී ලාංකිකයන් හට රුපියල් ලක්ෂ 50-60 වැනි මුදලක් ලංකාවට ගෙන්වා ගත නොහැකිව ඇත. මේ තත්වයට හේතුව වී ඇත්තේ අදාල රට තුළ ක්‍රියාත්මක නීති රීති වන අතර මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීම කරමින් සිටියේ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලයයි.
කෙසේ වෙතත් සයිප්‍රසයේ පැවති මෙම කොන්සල් කාර්‍යාලය වසා දැමීම මෙම ක්‍රියාවලියට මහත් බාධාවක් එල්ල කරන බවත්, එරට දැනටමත් සේවය කරන ලාංකිකයන් තානාපති සේවය ලබාගැනීමේ දී බරපතල ගැටළු රැසකට මුහුණ දීමට ඉඩ හැරීමක් බවත් අවිවාදිතය.
රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීම අත්‍යවශ්‍ය හා විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට බලපෑමක් වන රටක රාජතාන්ත්‍රික සබඳතා මෙලෙස නවතා දැමීම සාධාරණ නොවේ. එමෙන්ම එම තීරණය හේතුවෙන් ඉහත කී සමාජ ආරක්ෂණ අරමුදල ලබා ගැනීම සඳහා මැදිහත් වන ගිණුම් හිමියන් දැඩි දුෂ්කරතාවකට පත්වන බව නොඅනුමානය. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකොට සයිප්‍රසයේ රාජතාන්ත්‍රික ගනුදෙනු සඳහා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලය වසා දැමීමේ තීරණය යළි සළකා බලන ලෙස ඉල්ලා සිටිමු.
එසේ නොමැතිනම්, එකී සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව කටයුතු කිරීම සඳහා විදෙස් කටයුතු අමාත්‍යාංශය තුළ හෝ නිළධාරියෙකු පත්කොට පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට විශ්වාසී

සුනිල් හඳුන්නෙත්ති
දේශපාලන මණ්ඩල සභික
ජනතා විමුක්ති පෙරමුණ

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago