“ලෝකය අසීමිත අවස්ථාවන්ගෙන් පිරී ඇත. සාර්ථක වීමට නම්, ඔබ නව්‍යකරණය විය යුතුය”
මේ දිනවල තුර්කි අයිස්ක්‍රීම් වෙළෙන්දෙකුගේ නර්තනය සහිත වීඩියෝවක් ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් පවතිනවා. ෆේස් බුක්. යූ ටියුබ්. ඉන්ස්ටර්ග්‍රෑම් වගේ ම ටික් ටොක්.
අයිස්ක්‍රීම් වෙළෙන්දා මුළු ලෝකයේ ම අවධානය සැළකිය යුතු මට්ටමකින් තමන් වෙත නතු කර ගන්නට මේ වන විටත් සමත්ව අවසන්. ඔහු වෙළඳසළ ඉදිරිපිට නර්තනයේ යෙදෙන අතර පාරිභෝගිකයන් ද එය අනුගමනය කිරීමට පටන්ගෙන තිබේ. සැබැවින්ම ඔවුන් අයිස් ක්‍රීම් පාරිභෝගිකයන් ද ඔහුගේ රසිකයන් ද යන්න දැන් ප්‍රශ්නයක්. මන්ද බොහෝ පිරිස් මේ වන විට විදෙස් රටවල සිට පවා මෙම ආකර්කෂණීය අලෙවිකරු සොයා යමින් පැවතීම සුවිශේෂයි. සැබැවින්ම එය උන්මාදයක්. සමාජ ජාලවල ඔහුගේ වීඩියෝවක් කුණාටුවක් මෙන් පැතිර යාම නිසා දැන් එය ලොව ම දන්න අයිස්ක්‍රීම් අලෙවිසැළක්. එම යූ ටියුබ් නාළිකාව ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ ජාල ආයිතමයන් වටා ප්‍රමාණයෙන් මිලියන ගණනින් රසිකයන් රොක් වී අවසන්. ඔහුගේ වෙළඳසලට පැමිණෙන රසිකයන්ට… නොඑසේ නම් පාරිභෝගිකයන්ට විශේෂයෙන් ම තරුණියන්ට මෙම අලෙවිකරු සමඟ නර්තනයේ නිරත වීමේ අවස්ථාව නම් මගහැරිය නොහැකි තරම් ආකර්ෂණීයයි.
ඔහුගේ වෙළඳසැල පිහිටා ඇත්තේ තුර්කියේ ලාරා ප්‍රදේශයේ. එය නගරයේ සිට ස්ථානගත කර ඇත්තේ කිලෝමීටර් 12 ක් පමණ දුරින්. එම වෙළඳසැලට නම් තබා ඇත්තේ ‘Cilgin Dondurmaci’ යනුවෙන්. තුර්කි බසින් වූ එහි අර්ථය ගත් කළ උමතු අයිස්ක්‍රීම් නිෂ්පාදකයෙක් වැනි අදහසක් දනවනවා.
මෙම ජනප්‍රිය අයිස්ක්‍රීම් වෙළෙන්දා ප්‍රවර්ධන කරන්නේ ඔහුගේ නම නොව වෙළඳසලේ නමයි. ඔහුගේ නම Mehmet Dinc ලෙස සටහන් වන වන අතර mehmet 2004 දී Mustafa Kamal විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර තොරතුරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් බව ද සඳහන්.
මෙම නර්තනය සහ ගීතය සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සෙ ඔහුට සිටි followers සහ වෙළඳසලේ පාරිභෝගිකයන් සංඛ්‍යාව ද විශාල ලෙස වැඩි වී තිබේ.
Copyright : The Life Traveler (www.lifetraveler.lk))
මේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ එම ගීතයයි. >>>
https://fb.watch/a8PRUVuOca/
https://www.facebook.com/cilgindondurmaci/videos/4684246271636221/
ඔහුගේ ෆේස් බුක් පිටුව https://www.facebook.com/cilgindondurmaci
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…