දේශීය

නර්තනයේ යෙදෙන තුර්කි අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් ලෝකය ම අල්ලයි

“ලෝකය අසීමිත අවස්ථාවන්ගෙන් පිරී ඇත. සාර්ථක වීමට නම්, ඔබ නව්‍යකරණය විය යුතුය”

මේ දිනවල තුර්කි අයිස්ක්‍රීම් වෙළෙන්දෙකුගේ නර්තනය සහිත වීඩියෝවක් ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් පවතිනවා. ෆේස් බුක්. යූ ටියුබ්. ඉන්ස්ටර්ග්‍රෑම් වගේ ම ටික් ටොක්.


අයිස්ක්‍රීම් වෙළෙන්දා මුළු ලෝකයේ ම අවධානය සැළකිය යුතු මට්ටමකින් තමන් වෙත නතු කර ගන්නට මේ වන විටත් සමත්ව අවසන්. ඔහු වෙළඳසළ ඉදිරිපිට නර්තනයේ යෙදෙන අතර පාරිභෝගිකයන් ද එය අනුගමනය කිරීමට පටන්ගෙන තිබේ. සැබැවින්ම ඔවුන් අයිස් ක්‍රීම් පාරිභෝගිකයන් ද ඔහුගේ රසිකයන් ද යන්න දැන් ප්‍රශ්නයක්. මන්ද බොහෝ පිරිස් මේ වන විට විදෙස් රටවල සිට පවා මෙම ආකර්කෂණීය අලෙවිකරු සොයා යමින් පැවතීම සුවිශේෂයි. සැබැවින්ම එය උන්මාදයක්. සමාජ ජාලවල ඔහුගේ වීඩියෝවක් කුණාටුවක් මෙන් පැතිර යාම නිසා දැන් එය ලොව ම දන්න අයිස්ක්‍රීම් අලෙවිසැළක්. එම යූ ටියුබ් නාළිකාව ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ ජාල ආයිතමයන් වටා ප්‍රමාණයෙන් මිලියන ගණනින් රසිකයන් රොක් වී අවසන්. ඔහුගේ වෙළඳසලට පැමිණෙන රසිකයන්ට… නොඑසේ නම් පාරිභෝගිකයන්ට විශේෂයෙන් ම තරුණියන්ට මෙම අලෙවිකරු සමඟ නර්තනයේ නිරත වීමේ අවස්ථාව නම් මගහැරිය නොහැකි තරම් ආකර්ෂණීයයි.

ඔහුගේ වෙළඳසැල පිහිටා ඇත්තේ තුර්කියේ ලාරා ප්‍රදේශයේ. එය නගරයේ සිට ස්ථානගත කර ඇත්තේ කිලෝමීටර් 12 ක් පමණ දුරින්. එම වෙළඳසැලට ⁣නම් තබා ඇත්තේ ‘Cilgin Dondurmaci’ යනුවෙන්. තුර්කි බසින් වූ එහි අර්ථය ගත් කළ උමතු අයිස්ක්‍රීම් නිෂ්පාදකයෙක් වැනි අදහසක් දනවනවා.

මෙම ජනප්‍රිය අයිස්ක්‍රීම් වෙළෙන්දා ප්‍රවර්ධන කරන්නේ ඔහුගේ නම නොව වෙළඳසලේ නමයි. ඔහුගේ නම Mehmet Dinc ලෙස සටහන් වන වන අතර mehmet 2004 දී Mustafa Kamal විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර තොරතුරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් බව ද සඳහන්.

මෙම නර්තනය සහ ගීතය සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සෙ ඔහුට සිටි followers සහ වෙළඳසලේ පාරිභෝගිකයන් සංඛ්‍යාව ද විශාල ලෙස වැඩි වී තිබේ.

Copyright : The Life Traveler (www.lifetraveler.lk))

මේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ එම ගීතයයි. >>>

https://fb.watch/a8PRUVuOca/

https://www.facebook.com/cilgindondurmaci/videos/4684246271636221/

ඔහුගේ ෆේස් බුක් පිටුව https://www.facebook.com/cilgindondurmaci

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

14 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago