Courtesy : BBC Sinhala
කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ.
කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක දී ප්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවනබව යි.
කොවිඩ් ආසාදනය වී සුවවූ බෙල්ජියම් ජාතික පුරුෂයින් 120 දෙනෙකු සහභාගීකර ගෙන සිදුකළ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ, කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්‍ෂා කළ විට පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූබව යි.
කොවිඩ් ආසාදනය වීමෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් විය.
මෙම අධ්‍යයනය මඟින් අනාවරණයකර ගත් තවත් කරුණක් නම් කොවිඩ් ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය ද පහළ බසින වග යි.
කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්‍ෂා කළ විට, පර්යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය ද පහළ බැස ඇතිබව නිරීක්ෂණය කෙරිණි.
රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.
මෙය ‘ෆර්ටිලිටි ඇන්ඩ් ස්ටේරිලිටි’ නම් සඟරාවේ පළවූ අධ්‍යයනයකි.
උණ රෝගයන් හේතුවෙන් ශරීරයේ ඇතිවන උෂ්ණත්ව වෙනස්වීම් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන තත්ත්වයන්ගෙන් පසුව ද මෙසේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුවීම් නිරීක්ෂණය කළ හැකිවුවත්, කොවිඩ් ආසාදනය සම්බන්ධයෙන් ගත්කල උණ හේතුවෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නිසා මෙසේ සිදුවනු විය හැකිබවට පර්යේෂකයින් මත පළකරයි.
පර්යේෂකයින් ඇස්තමේන්තුගත කරන්නේ මෙම ගැටලුව මාස තුනක් වැනි කාලයක් තුළ සාමාන්‍ය අතට හැරෙනු ඇතිබව යි.
කෙසේ නමුත්, මෙය තහවුරුකර ගැනීමටත්, පිරිමින්ගෙන් සුළුතරයකට හෝ ස්ථිර හානියක් සිදුව ඇත්ද යන්න නිශ්චය කිරීමටත් වැඩිදුර අධ්‍යයනයන් සිදුවෙමින් පවතියි.
පසුගිය මැයි මාසයේ ද කොවිඩ් සහ පුරුෂයින්ගේ සරුභාවය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් ‘ඒෂියන් ජර්නල් ඔෆ් ඇන්ඩ්‍රොලොජි’ සඟරාවේ පළවිය.
කොවිඩ් වැළඳී සුවවූ පුරුෂයින් 41 දෙනෙකු යොදාගෙන සිදුකළ එම පරීක්ෂණයෙන් ද හෙළිවූයේ, කොවිඩ්-19 වැළඳී නැති පාලක කණ්ඩායම සමග සසඳන විට කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින්ගේ මුළු ශුක්‍රාණු සංඛ්‍යාව, ශුක්‍රාණු සාන්ද්‍රණය, සහ ක්‍රමානුකූලව චලනය වන ශුක්‍රාණුවල ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුව තිබූබව යි.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කොවිඩ් සුවවී රෝහලෙන් පිටවීමෙන් දින 56ක පමණ කාලයකින් පසු ය.
ඉන් දින 29කට පසු දෙවන වර පරීක්ෂා කළ විට මෙම අගයන් සාපේක්ෂ වශයෙන් ඉහළගොස් තිබූබව ද පර්යේෂකයින් සඳහන් කරයි.
පිරිමින්ගේ සරුභාවය
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට පුරුෂයින්ගේ නිසරුභාවයට බහුලවම බලපානා හේතූන් වන්නේ ශුක්‍රාණු පිටකිරීමේ ගැටලු, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවීම හෝ ඉතා අඩු ප්‍රමාණයකින් අඩංගු වීම, සහ ශුක්‍රාණුවේ අසාමාන්‍ය හැඩය හෝ චලිතය යි.
ජනවාරියේ දී ලැන්සට් වෛද්‍ය සඟරාවේ පළවූ ලිපියකට අනුව, ලොව පුරා නිසරුභාවයෙන් පීඩා විඳින යුවල සංඛ්‍යාවෙන් 50%කම පාහේ නිසරුභාවයට පුරුෂයාගේ නිසරුබව හේතු වී හෝ දායක වී ඇත.
Courtesy : BBC Sinhala
BBC වාර්තාව මෙතනින් https://www.bbc.com/sinhala/world-59771336?at_custom1=%5Bpost+type%5D&at_custom3=BBC+Sinhala&at_custom2=facebook_page&at_medium=custom7&at_campaign=64&at_custom4=C11423B4-646E-11EC-B1B8-D2510EDC252D
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…