දේශීය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුරුත්ථාපනය කිරීමේ නව වැඩපිළිවෙළක් පිළිබඳ අවධානය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් වින්දිතයින් වන බැවින්, ඔවුන් සිර ගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කළ යුතු බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධව වාර්තා ලබාදීමේ දී මාස 8 ක පමණ කාලයක් ගත වු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමේ කාලය මසක කාලයක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවත්, එය සති දෙකක කාලයක් දක්වා අඩු කිරීම අපේක්ෂිත බව ද ඇමැතිවරයා කීවේය.

අධිකරණ ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමණාකරණ පද්ධතිය, නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජන ගත කිරීමේ අවස්ථාවට ඊයේ (23) අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි .

1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත මගින් ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති අතර දෙපාර්තමේන්තුව වසර 22 ක පමණ කාලයක් තුළ සුවිශේෂි සේවාවක් සිදු කර ඇති අතර මේ දක්වා ආඥාලාභීන් සඳහා අන්තර්ජාල දත්ත තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර නොතිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපරාධ සහ මත් ද්‍රව්‍ය වැළැක්වීමේ ඒකකයේ (UNODC) සුවිශේෂි දායකත්වයෙන් ප්‍රජාපාදක විශෝදන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමණාකරණ පද්ධතිය, නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජන ගත කිරීම සිදු වු අතර, ප්‍රජා පාදක විශෝදන ක්‍රියාවලිය පිළිබඳ මාර්ගෝපදේශ අත්පොත අධිකරණ ඇමැතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් ඇමැතිවරයා සදහන් කලේ වැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවත්ය.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදු වන අපරාධ ක්‍රියාවලියේදී මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්, ලංකාව තුළ බෙදා හරින පුද්ගලයින්, සමාජය තුල ඒවා ප්‍රවාහනය කරන්නන්, මෙන්ම මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව පීඩාවට පත්ව සිටින වින්දිතයින් ද සිටින බැවින් ඔවුන් වෙන්ව හදුනා ගත යුතු බවත්ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බෙදා හරින්නන්ට දැඩි දඩුවම් ලබාදීම සිදු කර ඇබ්බැහිව සිටින වින්දිතයින් පුනරුත්ථාපනය කර වෘත්තිය පුහුණුව ලබාදී යහපත් පුද්ගලයින් ලෙස සමාජ ගත කළ යුතු බවත්, ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

රස පරීක්ෂක වාර්තා අඩු කාලයකින් ලබාදීමේ ක්‍රමවේදය හරහා අදාළ පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාර්යක්ෂම කිරීමට හැකි බවත්, ඒ සදහා එම දෙපාර්තමේන්තුවේ ධාරිතාව උපරිම වශයෙන් වැඩි කිරීමට කටයුතු කර ඇති බව ත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිරකරුවන් යොමු වීම තුළින් ඇති වන තදබදය අවම කිරීම සදහා සුළු වැරදි කළ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුව සමාජ ගත කර පසු අධීක්ෂණය කරමින් සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ කාර්යය ප්‍රජාපාදක විශෝධනදෙපාර්තමේන්තුවට පැවරී තිබේන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්.සිල්වා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්ච්, ප්‍රජා පාදක විශෝධන කොමසාරිස් නීතිඥ දිලාන් ගුණරත්න, එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ කාර්යාලයේ ජාතික වැඩ සටහන් නිලධාරී අනුෂා මුණසිංහ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනී වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු, අධිකරණ ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ආර්.පී.එස්.සමන් කුමාරි, තුෂාර සුරවීර මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාතයංශයේ හා ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙම අවස්ථාව සදහා සහභාගි වුහ.

Recent Posts

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

7 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

7 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

16 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

16 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago