උල් ආයුධවලින් ඇන කඩුවකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කොට හලාවත මහාධිකරණය විසින් මරණ දඬුවම් නියම කර සිටි විත්තිකරුවන් දස දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මහාධිකරණයේදී ඔවුන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙම තීරණය දුන්නේය. තමන්ට මරණ දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් විභාග කර එහි තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අභියාචනාධිකරණය විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
මෙලෙස නිදහස් කරනු ලැබූයේ නිමල් අජිත් ප්‍රනාන්දු, චමින්ද පිලිප් මිල්රෝයි, ජෙරාඩ් සුගත් ප්‍රනාන්දු, පැට්‍රික් ඔස්වල්ඩ්, අජිත් ඇන්ටන් පීරිස්, ජෝෂප් ටෝනි විජේන්ද, ඩොනල්ඩ් සමන්ත පීරිස්, චමින්ද තුෂාර, සනත් ප්‍රනාන්දු අය වේ.
පිලිප් මිල්රෝයි නමැති විත්තිකරු නඩු විභාගය අතරදී මිය ගොස් ඇත. මාරවිල මුදුන්ගොඩ ප්‍රදේශයේදී 2001 .06.21.දින ලයනල් ප්‍රනාන්දු නම් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු පවරා තිබුණි. එම නඩුව විභාග කර එහි තීන්දුව 2019.02.08 දෙමින් විත්තිකරුවන්ට මරණ දඬුවම් නියම කරන ලදී. එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි පරස්පර විරෝධී බවය. එහෙත් ඒ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු වී නැතැයි මෙම අභියාචනාධිකරණ තීන්දුවෙහි සඳහන් වේ.
එමගින් විත්තිකරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.
ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, පාලිත ප්‍රනාන්දු, මහත්වරුන් නීතීඥවරුන් වන නෙරන්ජන් ජයසිංහ, ඉන්දිකා මල්ලවආරච්චි, සහ ෂෙහාන් ද සිල්වා විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ වසන්ත බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
දිනමිණ වාර්තාවකි
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…