දේශීය

බිරිඳ මරා අවුරුදු 14 ක් සැඟවී සිටි බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

තම බිරිඳට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කර වසර 14 ක් සැඟව සිටි බව කියන 74 හැවිරිදි පුද්ගලයෙකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කරමින් සිටියදී සැකකරු 2007 වසරේදී මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ  තලවාකැලේ වටගොඩ වත්තේ පිහිටි ඔහු පදංචිව සිටි නිවසේදී බව පොලීසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ ජෙස්මින් රංජනි නැමති දෙදරු මවකි.මියයන විට ඇය 49 වැනි වියෙහි පසුව ඇත. සිද්ධියෙන් පසු සැකකරු ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයට පළාගොස් සැඟවි ජීවත්ව ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතත් වසර 13 ක් යන තෙක්ම ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ඩි සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්විණි.

වාර්තාව – දිනමිණ

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago