තම බිරිඳට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කර වසර 14 ක් සැඟව සිටි බව කියන 74 හැවිරිදි පුද්ගලයෙකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කරමින් සිටියදී සැකකරු 2007 වසරේදී මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ තලවාකැලේ වටගොඩ වත්තේ පිහිටි ඔහු පදංචිව සිටි නිවසේදී බව පොලීසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ ජෙස්මින් රංජනි නැමති දෙදරු මවකි.මියයන විට ඇය 49 වැනි වියෙහි පසුව ඇත. සිද්ධියෙන් පසු සැකකරු ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයට පළාගොස් සැඟවි ජීවත්ව ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතත් වසර 13 ක් යන තෙක්ම ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ඩි සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්විණි.
වාර්තාව – දිනමිණ
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…