කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ අවසන් විභාගයෙන් පළමු පන්තියෙන් සමත් වූ අක්කරෙයිපත්තුවේ තනිකාචලම් දර්ශිකා රන් පදක්කම් 13ක් දිනා ගනිමින් විශිෂ්ට වාර්තාවක් ලබාගෙන තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රදානය කරන ලද රන් පදක්කම් 37 න් විශිෂ්ටතම වෛද්‍ය පීඨ සම්මානය ඇතුළුව රන් පදක්කම් 13 ක් දිනා ගැනීමට ඇය සමත් විය. අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අක්කරපත්තු 7/3ජේ විශ්‍රාමලත් විදුහල්පතිවරුන් වන තනිකාචලම් සහ කුමුදා යුවළගේ වැඩිමහල් දියණිය වන තර්ෂිකා මෙම ජයග්‍රහණය උපන් බිමට, මවුපියන්ට, පාසලට සහ අධ්‍යාපනික ප්‍රජාවට අභිමානයක් වෙයි.
අක්කරපත්තුව විබුලානන්ද පෙර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය 5 වසර දක්වා අක්කරපත්තුව රාමක්‍රිෂ්ණ මිෂන් මහා විද්‍යාලයෙන් සහ අක්කරපත්තුව ශ්‍රී රාමක්‍රිෂ්ණ ජාතික පාසල දක්වා අධ්‍යාපනය ලැබුවාය ඉන් අනතුරුව 2012 වසරේ උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් A සාමාර්ථ 03 ක් සමඟින් දිස්ත්‍රික් මට්ටමින් අංක 1 සහ ජාතික මට්ටමින් 4 වන ස්ථාන ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් විය. ඇය පසුගිය වසරේ අවසන් MBBS විභාගයේ කුසලතා ශ්‍රේණිගත කිරීම්වල ජාතික වශයෙන් 3 වන ස්ථානය සහ කොළඹ වෛද්‍ය පීඨයේ 1 වන ස්ථානය ද ලබා ගත්තා ය
වාර්තාව – දිනමිණ පුවත්පත
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…