කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ අවසන් විභාගයෙන් පළමු පන්තියෙන් සමත් වූ අක්කරෙයිපත්තුවේ තනිකාචලම් දර්ශිකා රන් පදක්කම් 13ක් දිනා ගනිමින් විශිෂ්ට වාර්තාවක් ලබාගෙන තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රදානය කරන ලද රන් පදක්කම් 37 න් විශිෂ්ටතම වෛද්‍ය පීඨ සම්මානය ඇතුළුව රන් පදක්කම් 13 ක් දිනා ගැනීමට ඇය සමත් විය. අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අක්කරපත්තු 7/3ජේ විශ්‍රාමලත් විදුහල්පතිවරුන් වන තනිකාචලම් සහ කුමුදා යුවළගේ වැඩිමහල් දියණිය වන තර්ෂිකා මෙම ජයග්‍රහණය උපන් බිමට, මවුපියන්ට, පාසලට සහ අධ්‍යාපනික ප්‍රජාවට අභිමානයක් වෙයි.
අක්කරපත්තුව විබුලානන්ද පෙර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය 5 වසර දක්වා අක්කරපත්තුව රාමක්‍රිෂ්ණ මිෂන් මහා විද්‍යාලයෙන් සහ අක්කරපත්තුව ශ්‍රී රාමක්‍රිෂ්ණ ජාතික පාසල දක්වා අධ්‍යාපනය ලැබුවාය ඉන් අනතුරුව 2012 වසරේ උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් A සාමාර්ථ 03 ක් සමඟින් දිස්ත්‍රික් මට්ටමින් අංක 1 සහ ජාතික මට්ටමින් 4 වන ස්ථාන ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් විය. ඇය පසුගිය වසරේ අවසන් MBBS විභාගයේ කුසලතා ශ්‍රේණිගත කිරීම්වල ජාතික වශයෙන් 3 වන ස්ථානය සහ කොළඹ වෛද්‍ය පීඨයේ 1 වන ස්ථානය ද ලබා ගත්තා ය
වාර්තාව – දිනමිණ පුවත්පත
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…