Wednesday, April 22, 2026
Homeදේශීයවිශිෂ්ටතම රන් පදක්කම දිනූ අක්කරෙයිපත්තුවේ වෛද්‍ය සිසුවිය

විශිෂ්ටතම රන් පදක්කම දිනූ අක්කරෙයිපත්තුවේ වෛද්‍ය සිසුවිය

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ අවසන් විභාගයෙන් පළමු පන්තියෙන් සමත් වූ අක්කරෙයිපත්තුවේ තනිකාචලම් දර්ශිකා රන් පදක්කම් 13ක් දිනා ගනිමින් විශිෂ්ට වාර්තාවක් ලබාගෙන තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රදානය කරන ලද රන් පදක්කම් 37 න් විශිෂ්ටතම වෛද්‍ය පීඨ සම්මානය ඇතුළුව රන් පදක්කම් 13 ක් දිනා ගැනීමට ඇය සමත් විය.  අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අක්කරපත්තු 7/3ජේ විශ්‍රාමලත් විදුහල්පතිවරුන් වන තනිකාචලම් සහ කුමුදා යුවළගේ වැඩිමහල් දියණිය වන තර්ෂිකා මෙම ජයග්‍රහණය උපන් බිමට, මවුපියන්ට, පාසලට සහ අධ්‍යාපනික ප්‍රජාවට අභිමානයක් වෙයි.

 අක්කරපත්තුව විබුලානන්ද පෙර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය 5 වසර දක්වා අක්කරපත්තුව රාමක්‍රිෂ්ණ මිෂන් මහා විද්‍යාලයෙන් සහ අක්කරපත්තුව ශ්‍රී රාමක්‍රිෂ්ණ ජාතික පාසල දක්වා අධ්‍යාපනය ලැබුවාය ඉන් අනතුරුව 2012 වසරේ උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන්  A සාමාර්ථ 03 ක් සමඟින් දිස්ත්‍රික් මට්ටමින් අංක 1 සහ ජාතික මට්ටමින්  4 වන ස්ථාන ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් විය. ඇය පසුගිය වසරේ අවසන් MBBS විභාගයේ කුසලතා ශ්‍රේණිගත කිරීම්වල ජාතික වශයෙන් 3 වන ස්ථානය සහ කොළඹ වෛද්‍ය පීඨයේ 1 වන ස්ථානය ද ලබා ගත්තා ය

වාර්තාව – දිනමිණ පුවත්පත

READ:   කොවිඩ් පාලනය ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්