ගෑස් සමාගම් අභියෝගයට ලක් කරමින් රිට් පෙත්සමක් ගෙනු කළ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණය මගින් සාධාරණ තීන්දුවක් ඉල්ලා සිටියේ සියලුම ගෑස් පාරිභෝගිකයා වෙනුවෙන්. නඩුවෙන් සාධනීය තීන්දු කිහිපයක් (වාරණ නියෝග ඇතුළු) ඉක්මනින් ලබා ගැනීමට මේ වන විට හැකිව තිබෙනවා. ඒ අනුව වඩාත් වැදගත් තීන්දු කිහිපයක් ජනතාවට හිමි වූ ඊයේ දිනයේ පෙත්සම්කරු මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. විශාල මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් පැමිණ සිටි මාධ්‍ය හමුවේදී පළමුව පළ කළේ මෙවන් අදහසක්.
“මේ ගෑස් නඩු තීන්දුවේ හරය , සත්‍යය ඔබට සෘජුව ඔබට වාර්තා කළේ නෑ ජනමාධ්‍ය ආයතන.ඒ නිසා මිලියන හයක් වන ගෑස් පරිභෝගිකයන් වන ඔබව නියෝජනය කරමින් අධිකරණයට ගිය මට වගකීමක් තියෙනවා මේක ඔබට පැහැදිලි කරන්න”
” හරිම කණගාටුදායකයි කියන්න මේ සමාගම්වල බලධාරීන් අධිකරණයට කිව්වා අපි බෙදපු ගෑස් සිලින්ඩර යළි ගන්නවලු. හැබැයි ගෙදරට ගෙනාපු “ගෑස් බෝම්බ” ගැන මුකුත් කියන්නෙ නෑ. සඳහනක් නෑ. ඒ නිසයි මම ඒ ගැන මතු කරලා ගත්තේ ආයිත්. ඒ අනුව, වෙළඳපලට දාලා හැමතැනටම ගිහිල්ලා තියෙන සියලුම සිලින්ඩර කැඳවන්න අවශ්‍යයි කියලා අධිකරණය දැන් නියම කරල තියෙනවා. ”
මෙම සිද්ධියේ සෘජු වගකීම විෂයභාර අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා බාර ගත යුතු බව නාගානන්ද මහතා අවධාරණය කළා. ඔහු පැවසුවේ එම දෙපල දැන දැනම මෙම අපරාධය කළ බවයි.
ඒ වගේම මෙම සමාගම් දෙකට අමතරව මීට අදාළව වගකීම භාරගත යුතු තවත් කොටස් සිටින බව කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය හා පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීම පැහැදිලි කරමින්.
එහිදී නාගානන්ද මහතා මෙසේ ද අදහස් පළ කළා.
“නීතිපති පෙනී ඉන්නෙ හරියට ඔහුට පඩි ගෙවන්නේ මේ සමාගම් දෙක වගේ කියලා හිතලා.ඔහුට අමතක වෙලා තියෙනවා ඔහුට පඩි ගෙවන්නේ ජනතාව වන ඔබගේ බදු මුදලින් කියන එක. පහුගිය දෙසැම්බර් පළමුවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව මේ බව පෙන්වා දුන්නා, සහ ඔහු හමුවේ කියා සිටියා ඔබේ වගකීම විය යුත්තේ මෙරට අධිකාරි බලය හිමි ජනතාවගේ විශ්වාසයට ගරු කරමින් කටයුතු කිරීම බව”
“නීතිපති පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් නොවේ. නීතිපති වෙන කොහෙද යන ගමනක් යන්නේ”
ගෑස් පිපිරීමෙන් මිය ගිය කාන්තාව වෙනුවෙන් මිලියන 100ක වන්දි ඉල්ලා නඩු මගට බැසීමට තමන් සූදානම් බවද නාගානන්ද මහතා පවසනවා.
“හැබැයි ඔබේ ගෙදර ඇති ගෑස් සිලින්ඩරය ඔබේ නිවසේ ඇතුළෙ තබා ගන්න එපා. ඒක එළියෙන් තියන්න කරුණාකර. ඒක එකතු කරන වැඩපිළිවෙලේදී ගිහින් බාර දෙන්න. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා.උයන්න වෙන මොකක්හරි ක්‍රමවේදයක් භාවිත කරන්න. බාගයක් පාවිච්චි කරපු එකක් වුණත් එයාලා බාර ගන්න ඕන.’
මෙම මාධ්‍ය හමුවේදී life traveler ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ,
” මේ දැන්ම දහ අට උදේ සිටම ගෑස් සමාගම් ගෑස් බෙදා හැරීම ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා ප්‍රමිති ආයතනය කියන ප්‍රමිතියට අනුව කියලා කියන්නේ.. එතකොට නඩු තීන්දුව දුන්නෙත් දාහත්වෙනිදා උදේ.. මෙච්චර ඉක්මනට ප්‍රමිතියට ඒක කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද??
“නැහැ ඒක කරන්න බැහැ“
“ඔබ දැක්කානේ අර බ්ලැක් සීල් එක වෙනුවට, පහුගියදා නව ප්‍රමිතියකට එන ගෑස් කියලා අර රෙඩ් සීල් එකක් අලුතින් දානවා කිව්වනේ . හැබැයි ඒ සිලින්ඩර ගෙනිච්ච අයටත් ඕකම වුණානේ. ඕවට හේතුව තමයි මේ රටේ නීතියට ගරු කරන කිසිවෙකු නෑ.”
“අර සිද්ධිකා ප්‍රකාශයක් කළානේ පොඩ්ඩක් වහ කෑවට කමක් නෑ කියලා”
නාගානන්ද මහතා එම ප්‍රශ්නයට එසේ පිළිතුරු දුන්නා.
“ඔබට පුළුවන් දැන් මේ එන නව ප්‍රමිතිගත ගෑස් සිලින්ඩර ටෙස්ට් කරන්න එහෙම කරන්න පුළුවන් ලංකාවේ තියෙන ආයතන දෙකෙන් එකකින්. ඒවයේදීත් ප්‍රමිතිය නෑ කියලා ඔප්පු වුණොත් අධිකරණයත් එක්ක ඔවුන්ට ලේසි වෙන්නෙ නෑ. මොකද අධිකරණය නියෝගයක් දීලා ඉවරයි. ඒක කඩ කරනව නම්, ඒක අධිකරණයට කරන අපහසයක්. නව ස්ටිකරයක් තිබිය යුතුයි. නැත්නම් පැමිණිලි කරන්න.ඒවා පින්තූර ගන්න. රෙකෝඩ් කරගන්න”
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…