“ජය ශ්‍රී“ සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් අද(17) නිකුත් කළේය.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව මෙම වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව ගායක හා වාදක අරුණ ලියාන් මහතා විසින් ගායනය, වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමුඋනේ, සියුමැලි, ශ්‍රිලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුලු ගීත 20 ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මානයක් වශයෙන් ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීමට අදාළව මෙම නියෝගය ක්‍රියාත්මක වේ.
නීතිඥ තිලිණි හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතීඥ සදුන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙත්සම්කාර අරුණ ලියාන් මහතාවෙනුවෙන් පෙනි සිටියේය.
මෙම නඩුව මේ මස 31වන දින නැවත කැදවීමට නියම කළේය.
‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් මහතා විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් මහතා විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් පසුගිය ජුනි මාසයේ දී එන්තරවාසි යවා තිබුනි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…