ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවේ රැජන ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලු සෆායාර් මැණික එළැඹෙන ජනවාරි මුල් සතියේදී ඩොලර් මිලියන 100ක අවම ලංසුවකින් ඩුබායිහිදී වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.
ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන වෙන්දේසියකට මේ මැණික ඉදිරිපත් කිරීමට නියමිතය.
මැණික මිලදී ගැනීමට චීනය හා අමෙරිකාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකින් දැඩි ඉල්ලුමක් පවතින බව මැණිකේ හිමිකරු වන චමිල සුරංග මහතා පැවසීය.
ඩුබායිහි බෝරා සමාගමක් මේ වෙන්දේසියට මුල් වී කටයුතු කරන බවත් ඒ සඳහා මැණික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10ක ගෙවීමක් මූලික වශයෙන් දීමට එකඟ වී ඇති බවත් ඒ මහතා කීවේය. ඒ සඳහා තමන් කැමැත්ත පළ කළ බවට ඊට අදාළ ගිවිසුම් කටයුතු මේ දිනවල කරන බවත් හෙතෙම කීවේය.
මැණික ගැනීම සඳහා චීනය හා අමෙරිකාව අතර ද්වන්ද සටනක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් අමෙරිකාව මේ මැණික සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවට මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
බලංගොඩ ප්‍රදේශයෙන් හමු වූ බව කියන මේ තනි නිල් මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් නිර්මාණය වී ඇති අතර, එහි බර කිලෝ 310කි.
අඩි 2කට වඩා උසකින් සහ අඩි 2කට වඩා පළලකින් යුක්ත වන අතර, එහි බර කැරට් පහළොස් ලක්ෂ පනස් දහසකි.
තොරතුරු – දිනමිණ පුවත්පතෙන්
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…