දේශීය

මැණික ගන්න චීනයයි අමෙරිකාවයි ලොකු තරගයක් ලු

ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවේ රැජන ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලු සෆායාර් මැණික එළැඹෙන ජනවාරි මුල් සතියේදී ඩොලර් මිලියන 100ක අවම ලංසුවකින් ඩුබායිහිදී වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන වෙන්දේසියකට මේ මැණික ඉදිරිපත් කිරීමට නියමිතය.

මැණික මිලදී ගැනීමට චීනය හා අමෙරිකාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකින් දැඩි ඉල්ලුමක් පවතින බව මැණිකේ හිමිකරු වන චමිල සුරංග මහතා පැවසීය.

ඩුබායිහි බෝරා සමාගමක් මේ වෙන්දේසියට මුල් වී කටයුතු කරන බවත් ඒ සඳහා මැණික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10ක ගෙවීමක් මූලික වශයෙන් දීමට එකඟ වී ඇති බවත් ඒ මහතා කීවේය. ඒ සඳහා තමන් කැමැත්ත පළ කළ බවට ඊට අදාළ ගිවිසුම් කටයුතු මේ දිනවල කරන බවත් හෙතෙම කීවේය.

මැණික ගැනීම සඳහා චීනය හා අමෙරිකාව අතර ද්වන්ද සටනක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් අමෙරිකාව මේ මැණික සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවට මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

බලංගොඩ ප්‍රදේශයෙන් හමු වූ බව කියන මේ තනි නිල් මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් නිර්මාණය වී ඇති අතර, එහි බර කිලෝ 310කි.

අඩි 2කට වඩා උසකින් සහ අඩි 2කට වඩා පළලකින් යුක්ත වන අතර, එහි බර කැරට් පහළොස් ලක්ෂ පනස් දහසකි.

තොරතුරු – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 hour ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 hour ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago