Wednesday, June 17, 2026
Homeදේශීයonline ක්‍රමයට ඔප්පු හා පත්තිරු ලබා ගැනීම අද සිට දිවයින පුරා

online ක්‍රමයට ඔප්පු හා පත්තිරු ලබා ගැනීම අද සිට දිවයින පුරා

මාර්ගගත ක්‍රමයට( online) ඔප්පු සහ පත්තිරු ලබා දීමේ ක්‍රමවේදය අද (16) දින සිට ශ්‍රී ලංකාව පුරා ආරම්භ කළ බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. එම්.එම්.බී වීරසේකර මහතා පැවසීය.

පසුගිය අගෝස්තු 02 දින උපත්, මරණ, විවාහ මාර්ගගත ක්‍රමයට( online) ලබාදීමේ ක්‍රම වේදය රට පුරා ආරම්භ කළ බව සඳහන් කළ වීරසේකර මහතා ඒ වැඩ පිළිවෙළ තුළින් මේ වන විට පිටපත් 50000කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම පත්තිරු සහ ඔප්පු පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ ප්‍රථම අදියර පසුගිය 07 දින කොට්ටාවේ පිහිටවූ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී ආරම්භ කළ බවද කීය. මයි නේම්, මයි නම්බර්, මයි නේෂන් තේමාව යටතේ එකම අංකයකින් ජාතික උප්පැන්න සහතිකය ලබාදීමේ ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඊට අදාළ අවබෝධතා ගිවිසුම ලබන සතියේ හැදුනුම්පත් දෙපාර්තමේන්තුව සමඟ අත්සන් කරන බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රකාශ කලේය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ඡන්දය ඉල්ලන අයට මේ සුදුසුකම් තියෙනවද බලන්න, ඒවා නැතිනම් කියන්න - හිටපු මැතිවරණ කොමසාරිස් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්