Wednesday, June 17, 2026
Homeදේශීයනිපුණතා සහිත ශ්‍රම බළකායක් ඇති කිරීමට තවත් පියවරක්‍ සීතා අරඹේපොල රාජ්‍ය ඇමැතිනියගේ...

නිපුණතා සහිත ශ්‍රම බළකායක් ඇති කිරීමට තවත් පියවරක්‍ සීතා අරඹේපොල රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන්

නිපුණතා සහිත ශ්‍රම බළකායක් මෙරට කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානය සඳහා 2021 වසරට ආධුනිකයන් බඳවා ගැනීම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදුවිය.

ත්‍රීරෝද රථ අලුත්වැඩියා කාර්මික ශිල්පී පාඨමාලාව හැදෑරීමට ආධුනිකයන් 50 දෙනකුට එහි දී අවස්ථාව හිමි විය.

මෙම ආධුනිකයන් අතරට කථන දුර්වලතා සහිත තරුණයන් ද ඇතුළත් වීම විශේෂත්වයකි.

රාජ්‍ය ඇමැතිනියගේ උපදෙස් පරිදි මෙම මධ්‍යස්ථානය රුපියල් මිලියන 05ක මුදලක් යොදවා නවීකරණය කර ඇති අතර, සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පහසු වන පරිදි නවීන තාක්ෂණයෙන් යුත් ඉගෙනුම් උපකරණ ද එයට ඇතුළත් කර ඇත.

අද ආරම්භ වූ පාඨමාලාවේ කාල සීමාව වසරකි. සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් ආයතනයේ මාස හයක කාලයක් රැකියාගත පුහුණුව ලබා දීම එහිදී සිදු වේ. පාඨමාලාව සාර්ථකව අවසන් කරන ආධුනිකයන්ට ජාතික වෘත්තීය සුදුසුකම (NVQ 4 ) හිමි වේ.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ මහතා ද, විදුහල්පති සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය ද, කලාපීය මධ්‍යස්ථානයේ හා ඩේවිඩ් පීරිස් පෞද්ගලික ආයතනයේ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   පාර්ලිමේන්තුව විඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්