Tuesday, July 28, 2026
Homeදේශීයපාර්ලිමේන්තු වාර අවසන් වූ පමණින් ජනතා ගැටලු වලට විසදුම් ලැබේද ?

පාර්ලිමේන්තු වාර අවසන් වූ පමණින් ජනතා ගැටලු වලට විසදුම් ලැබේද ?

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ආකාරයෙන්
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. මේ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි මස දහ අට වැනිදායි.

පාර්ලිමේන්තු  වාර්තාකරුවෙකු ලෙස දීර්ඝ කාලයක් ක්‍රියා කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නි ආරච්චි ඒ පිළිබඳව පහත කරුණු කිහිපය ඉස්මතු කර තිබුණා.

පාර්ලිමේන්තු වාර අවසන් වූ පමණින් ජනතා ගැටලු වලට විසදුම් ලැබේද ???

1 මේ අනුව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අහෝසි වනු ඇති.

2 රාජ්‍ය ගිණුම් කාරක සභාවද අහෝසි වනු ඇති.

3 පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ හා න්‍යාය පත්‍රයට අඩංගු කර තිබූ සියලු කටයුතු දැන් අහෝසි වී යනු ඇති.

4. පාර්ලිමේන්තුවේ සියලු විශේෂ කාරක සභාවන් අහෝසි වී යනු ඇති.

5. උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ මැතිවරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ විශේෂ තේරීම් කාරක සභාව පමණක් ඉතිරි වනු ඇති.

6. නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු,මේ සියලු කාරක සභා සඳහා අලුතෙන් සභාපතිවරුන් ඇතුළු සාමාජිකයින් නම් කිරීමට යලි සිදුවනු ඇති.

7. ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මන්ත්‍රීවරුන් පවා විවිධ අදහස් පළ කරද්දී කාරක සභා ස්වාධීනව ක්‍රියාත්මක වූ ආකාරයක් පසුගිය දිනවල දක්නට ලැබීම මීට හේතුවක් දැයි සැක මතු වනු ඇති.

8. සැසිවාරය අවසන් වූ පමණින් රටක් අලුත් නොවනු ඇති.

9. නව සැසිවාරයත් සමඟම ජනාධිපතිතුමා නම් ජාතිය අමතනු ඇති.

READ:   ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේන් පරිත්‍යාගයක්ඕ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්