Sunday, August 2, 2026
Homeවිශේෂාංගගුරුතරුවේ ‘ටිකිරි බණ්ඩා’ හෙවත් නික්ම ගිය සරත් ගැන බිඳක්..

ගුරුතරුවේ ‘ටිකිරි බණ්ඩා’ හෙවත් නික්ම ගිය සරත් ගැන බිඳක්..

ඔහුගේ රංගනය දුටු ළමා සිත් බියෙන් තැති ගැනුණේ මලී ටෙලි නාට්‍යය විකාශය වන සමයේ ය. එහෙත් ඔහු කුඩා දරුවෙකුට වඩා අහිංසකය. අප අතැර ගිය සරත් චන්ද්‍රසිරි ගැන සටහනකි මේ.

සිනමාවේත් පුංචි තිරයේත් වේදිකාවේත් ස්වක්‍රීය රංගප්‍රතිභාව විදහා පෑ ප්‍රවීණ රංග ශිල්පී සරත් චන්ද්‍රසිරි ඉකුත් 04 වැනිදා අප සැම තනිකොට කලා ලෝකයෙන් සමුගෙන ගියේ ඔහුට මෙතෙක් ආදරය කළ සියලු කලාකරුවන්ගේත් සහෘද පේ‍්‍රක්ෂකයන්ගේත් නෙතට කඳුළක් ඉතිිරි කරමිනි.

ටික කලක් රෝගාතුරව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සරත් චන්ද්‍රසිරි 57 වැනි වියේ පසුවිය.

1964 ජූනි මස 13 වැනිදා පානදුරේ දී උපත ලැබූ සරත් වෑකඩ බෞද්ධලෝක විද්‍යාලයෙන් හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

තමාට ආවේණික රංග ශෛලියක් ඔස්සේ ප්‍රේ‍්‍රක්ෂක සිත් ඇද බැද ගත් හෙතෙම වේිදිකාවට මෙන්ම පුංචි තිරයට ද නැතුවම බැරි චරිතයක් විය.

මෙරට පේ්‍්‍රක්ෂකයන් අතර අතිශයින් ජනාදරය දිනාගෙන සිටි සරත් චන්ද්‍රසිරි 1976 දී පාසල් වේදිකාව ඔස්සේ රංගනයට අවතීර්ණ විය. 1979 දී සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියේ හොඳම නළුවා වීමේ භාග්‍යය උදාකරගත් සරත් චන්ද්‍රසිරි ගායන ශිල්පිනී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ අහස් මාලිගා වේදිකා නාට්‍යයෙන් රංගනයේ දොරටු විවර කරගත්තේය. 1981 දී සරත් කුලාංග මහතා මාර්ගයෙන් ජනක් පේ‍්‍රමලාල් ගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වූ සරත් අබුදස්ස කෝලම වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.

රාජකපුරු, අන්දරේලා, ගුරුතරුව, කනේරුමල්, රජගහේ නාඩගම, පුත්‍රසමාගම, තලමල පිපීලා ආදී නාට්‍ය රංගනයේ නියැළෙමින් ප්‍රේක්ෂක ආකර්ෂණය තමන් සතු කරගැනීමට සරත් සමත් විය.

ආනන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට එක් වූ සරත් මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත් වූ ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් එක්විය. අසනි වැසි, දෙපත්නයි, වරපෙරළිය, පබා, වසන්ත කුසලානය, පුංචි වීරයෝ ඒ අතරින් කීපයකි.

පබා ටෙලි නාට්‍යයේ ‘සමඟිපුර වසන්ත’, දෙපත් නයි ‘කුණු ඇන්ටා’, වසන්ත කුසලානය ‘පෙරුම් පුලි’, රංසිරිගේ සංග්‍රාමය ‘මජන්’, හිරු සොයා ‘බණ්ඩා’, ගුරුතරුව ‘ටිකිරි බණ්ඩා’ රැල්ල වෙරළට ආදරෙයි බස් රියැදුරු හා වෙස්ගත්තෝ ‘හනුමන්තා’ නීල පබළු ‘වෙද මහත්තයා’ වැනි චරිත ඔහුගේ රංගන ජීවිතයේ පේ‍්‍රක්ෂක හද බැඳගත් සුවිශේෂි චරිත අතර වඩාත් කැපී පෙනේ.

උදයකාන්ත වර්ණසුරියගේ රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ සරත් ගිනි අවි සහ ගිනි කෙළි, ලේ කිරි කඳුළු, පුංචි සුරංගනාවී, සමනල තටු, වන්ෂෝ්ට්, ඩොක්ටර් නවරියන්, බහුභූතයෝ, රන්කෙවිට, කුරුලු පිහාටු, සිකුරු හතේ, වස්සානේ සඳ හා මේ දිනවල තිරගත වන නිහඬ සෙවණැලි ආදී චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කළේය.

කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය නළුවකු වී සිටි සරත් චන්ද්‍රසිරි සුමති, සිග්නීස්, රයිගම් ටෙලි සම්මාන රාජ්‍ය නාට්‍ය ආදී සම්මාන රැසකින් පිදුම් ලැබු කලාකරුවෙකි.

ජපානය, ඉතාලිය, ඇමෙරිකාව, මැද පෙරදිග ආදී රටවල් රැසක නාට්‍ය නිර්මාණ සමඟ සංචාරය කර ඇති සරත් වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක ලෙස කටයුතු කළ චාරිකා සඳමාලි සමඟ විවාහ විය. දෙදරු පියෙකු වූ සරත්ට කංචුක තිලක්ෂණ නමින් පුතෙකු ද හසාරා නිලක්ෂි නමින් දියණියක ද වේ.

සැබෑ ජීවිතයේ අව්‍යාජ සරල ගතිපැවතුම් වලින් පරිපුර්ණ සරත් කවදත් සමාජයේ පොඩි මිනිසා ළඟ සිට ගත් කලාකරුවකු විය. ඔහු කවදත් තම රංගනයේ ඇසූ පිරූ තැන් සොයා ගියේ ද සමාජයේ කොතෙකුත් දුක් ගැහැට විඳිනා සැබෑ මිනිසුන්ගේ ජීවනාලිය සොයාගෙනය. මිනිසුන් අතර සොඳුරු මිනිසකු වූ සරත් අප හැර ගිය ද, ඔහු තම රංගනය තුළින් අපට ඉතිරි කළ චරිත කිසිදා සිත්වලින් ඇත් නොවණු ඇත.

උපුටා ගැනීම – සරසවිය පුවත්පතෙන්

READ:   මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නොවන්නට, හෙද අධ්‍යාපනය අපට අහිමි බවට සැකයක් නැත - පුෂ්පා රම්‍යාණි සොයියා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්