දේශීය

මසකට ආසන්න කාලයක් රටේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කෙනෙක් නෑ.  ක්ෂේත්‍රය ආයාලේ යයි. -රජිත් කීර්ති තෙන්නකෝන්

මුදල් අමාත්‍යාංශය විසින් පොහොර සහ කෘෂි රසායන ගෙන්වීමට අනුමැතිය ලබා දෙන ගැසට් පත්‍ර නිකුත් කර සති දෙකකට වඩා ගතවී ඇති නමුත්, මේ දක්වා පොහොර හෝ කෘෂි රසායන කිසිවක් ආනයනය කර නෑ.  කුමන හෝ පළිබෝධ නාශකයක් රටට ගෙන්වන්න නම් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ගේ අනුමැතිය අවශ්‍යයි.  දැන් සති තුනකට වැඩි කාලයක් රටේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කෙනෙක් නෑ.  ඒ නිසා ඉන්දියාවෙන් බෝට්ටු හරහා ගේන ප්‍රමිතියකින් තොර පලිබෝධ නශක වැටලීම් සිදු කරන්නේ නෑ.  ඔළුවිල්, වැලිගම, මන්නාරම හා ත්‍රිකුණාමලය හරහා සිදු කරන බෝට්ටු කෘෂි රසායන මාෆියාව කාබනික ලේබල් ගහගෙන හොර බඩු ජාවාරම් කරනවා යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි. 

දැන් මේ කන්නට පොහොරත් නෑ. වගා කරලා තියෙන්නේ ගොවි බිම්වලින් තුනෙන් එකක් විතරයි.  ඒවා දැන් වල් නෙලාගන්න බැරිව විනාශ වෙලා යනවා.  පොහොර නැතුව අස්වැන්නක් නෑ.  මේ කන්නය මඟ හැරිලා ඉවරයි.  දැන් ජනවාරි පෙබරවාරි මාස දෙකේ වගාවට වත් පොහොර බෙහෙත් ගෙන්වීම අවශ්‍යයි.  රටේ අවශ්‍යතාවයෙන් 50% ක් ගේනවා කියලා රටම රවට්ටලා, එකම බෙහෙතක්වත් ගේන්න බැරි කරලා තියෙනවා.

ආණ්ඩුව ගොවියන්ට කියනවා ඩොලර් තියෙනවා. ණයවර ලිපි විවෘත කළා, කුඹුරට දිලීර නාශක ටික, කෘමි නාශක, වල් නාශක ටික එනවා කියලා. හැබැයි කිසිම අනුමැතියක් දෙන්න නිලධාරියෙක් නෑ.  අඩුම ගානේ වගා කරලා තියෙන ගොයම් ටිකට වල් නාශක ටික ගෙන්ත් දෙන්න ක්‍රමයක් නෑ. රටට සාගතයක් පාමුලට ඇවත්.  බඩ ඉරිඟු වගාව නැති නිසා කුකුල් කෑම නෑ.    වල් නාශක නැති නිසා ගොයම් ගහට උඩින් දියබෙරලිය, කුඩැස්ස, ගිරාපලා, තුන්හිරිය, වැහිලා යනවා.  අනුරාධපුර, නැගෙනහිර සහ ඌවේ හදලා තියෙන කුඹුරු ටික රැකගන්න බැරිවුනොත් හාල් මිල අහස උසට යයි.  මහ කන්නය දැන් විනාශ වෙලා ඉවරයි.  දැන්ම ක්‍රියාත්මක වුනොත් අලුත් අවුරුද්දට කන්න එළවළු පළතුරු ටිකක්, අතිරේක බෝග ටිකක්, කුකුල් කෑමවලට බඩඉරිඟු ටිකක් හදාගන්න පුළුවන් වෙයි. නැත්තම් සිංහල දෙමළ අලුත් අවුරුද්දට කහට තේ එකක් බීලා ඉන්න වෙයි.

රජිත් කීර්ති තෙන්නකෝන් (දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර  )

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago