Friday, April 17, 2026
Homeදේශීයඅදට යෙදෙන විජයගේ 36 වන ගුණ සමරුවට විජය කුමාරතුංග රෝහලේ පිංකම් ගොඩක්.

අදට යෙදෙන විජයගේ 36 වන ගුණ සමරුවට විජය කුමාරතුංග රෝහලේ පිංකම් ගොඩක්.

සිංහල සිනමාවේ ජනප්‍රියතම සහ ආකර්ශනීය සිනමා පෞරුෂය වූ විජය කුමාරතුංගගේ 36 වන ගුණ සමරුම අදට (16) යෙදී තිබෙනවා.

ජනප්‍රියතම සිනමා නළුවෙකු ගායකයෙකු දේශපාලන පක්ෂ ක්‍රියාකාරී නායකයෙකු වූ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග හෙවත් විජය කුමාරතුංග උපත ලැබුවේ 1945 ඔක්තෝම්බර් මස 09 වනදායි.

1988 පෙබරවාරි 16 වනදා නාදුනන තුවක්කු කරුවකුගේ වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 42ක්.

අදට යෙදෙන විජය කුමාරතුංග ගුණ සමරුව වෙනුවෙන් සීදුව විජය කුමාරතුංග රෝහලේ පිංකම් මාලාවක් සංවිධානය කර තිබුණා.

READ:   ආදායම අනුව අධ්‍යාපනය!-උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති⁣ගේ රට කළඹන දෙපැත්ත කැපෙන යෝජනාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්