දේශීය

ජීවිත කාලයටම වරක් පමණක් දකින්න ලැබෙන Leonard වල්ගා තරුව මේ දිනවල අහසේ.

මේ වසර මුල, ඒ කියන්නේ 2021, ජනවාරි 03 වෙනිදා අලුයම භාගයේදී, ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටලා තියෙන Mount Lemmon Infrared Observatory හි නිරීක්ෂණ තාරකා විද්‍යාඥ ග්‍රෙගොරි ලියෝනාඩ් විසින් ලබාගත් ඡායාරූප කිහිපයක් නිරීක්ෂණය කරමින් සිටින අතරවාරයේදි යම්කිසි දුහුල්විල්ලක් බඳු යමක් ඒ හරහා ගමන් කර තිබෙන බවට සොයාගෙන තිබුනා. ඒ ඔස්සේ කරපු වැඩිදුර නිරීක්ෂණයන් මගින් මෙය වල්ගා තරුවක් බවට හඳුනා ගැනුනා.

Comet C/2021 A1 එහෙමත් නැතිනම් Comet Leonard ලෙසින් හඳුන්වන මෙම වල්ගා තරුව සූර්යයාට වඩාත්ම ආසන්න වනුයේ 2022, ජනවාරි 3 දිනයි. විද්‍යඥයන් පවසන අන්දමට නම් අනෙකුත් වල්ගා තරු වලට වඩා මෙය වඩාත් සමීපව ගමන් කරන නිසා දෙසැම්බර් මාසයේදී පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව ඔබටත් උදාවනු ඇති.

මොකක්ද මේ Comet Leonard කියන්නේ?

ඌර්ට් වලාවේන් (Oort Cloud) ගමන් ආරම්භ කරපු මේ අයිස්මය ග්‍රාහකය සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවෙලා සූර්යයා වටා බහුවලයික මාර්ගයක ගමන් කරමින් මේ වෙන කොට සූර්යයට වඩාත් ආසන්නයටම පැමිනෙලයි තියෙන්නේ. විද්‍යාඥ ලියොනාඩ් පවසන ආකරයට නම් මේ වල්ගා තරුව මේ ආකරයෙන්ම මීට පෙර අවුරුදු 75,000ත් 80,000ත් අතර කාලයකදීත් අපගේ සෞරග්‍රහ මණ්ඩලය ට පැමිණිලා සූර්යයා හමුවී යන්නට ඇති ලු.

මෙම Leonard වල්ගා තරුව පෘථිවියට සැතපුම් මිලියන 21ක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. ඒක පෘථිවියත් හඳත් අතරේ දුර වගේ 90 ගුණයක් පමණ දුරක්. කොහොම උනත් මෙය සූර්යයාට වඩාත් සමීප වන නිසා ඉතා දීප්තිමත්, සහා ඉතා දිගූ වල්ගයකින් යුක්ත වීමට වැඩි ඉඩක් තිබෙන බවට විද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ නිසා ඉතා අඳුරු අහසක දී පියවි ඇසින් දැක ගැනීමටත්, ඔබ සතුව දෙනෙතියක් ඇත්නම් තවත් හොඳින් දැක ගැනීමටත් හැකි වෙවි. (දුරේක්ෂයක් ඇත් නම් වඩාත් හොඳින් දැකගත හැකියි)

කොහොමද මේ Comet Leonard දැකගන්නේ? අහසේ කොහෙද අපි බලන්න ඕනේ? කවද්ද අපි ඒහෙම බලන්න ඕනේ? කීයටද?

2021, දෙසැම්බර් 4 පටන් උදෑසන කාලයේදි (පෙරවරු 5.30) මහ වලසා තරු රටාවට ආසන්නයේ තිබෙන Canes Venatici (දඩබල්ලන්) තරු රටාවත් Bootes (බූටිස්) තරු රටාවත් අතර කලාපයේදි මෙය දැකගන්නට පුලුවන්.

2021, දෙසැම්බර් 12 ට පසුව මෙය තවදුරටත් උදෑසන කාලයේදි දැක ගැනීමට හැකි වන්නේ නැති උනත් ඉන්පසුව සෑම දිනකම සවස් යාමයේදි අහසේ දැකගැනීමට හැකිවන බවයි විද්‍යාඥයන් පවසන්නේ. දෙසැම්බර් 17 වෙනිදායින් පසුව සන්ධ්‍යා යාමයේ උදාවන සිකුරු ග්‍රහයාත් සමඟ ඒ ආසන්නයෙන් මෙම වල්ගා තරුව දැකගන්නට හැකිවන බව අනුමාන කරනවා.

දකුණු අර්ධගෝලයේ සිටින අයට නම් දෙසැම්බර් පලවෙනි සතිය සහා දෙවෙනි සතිය ගෙවෙනතුරුම මෙය දැක ගැනීම තරමක් අපහසු උනත් මාසය මැද වන විට එය හොඳින් දිස්වීමට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.

මේ අවස්ථාව 2022 ජනවාරි මාසය දක්වාම තිබෙන නිසා, ඔබටත් ආරධනා කරනවා උත්සහයක් දරල බලන්න මේ Leonard වල්ගාතරුව, අපට අපේ ජීවිත කාලෙටම එක් වරක් විතරක් දකින්න ලැබෙන Leonard වල්ගා තරුව, දැකගන්න, හැකි නම් ඡායාරූප ලබා ගන්න

ලිපිය සැකසුමේ ගෞරවය : සවන් වංසජ මාපලගම වෙත
(ඉංජිනේරු පීඨය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය)

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

7 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago